මට මේ දුරනම් මොකක්ද.........මං මෙහෙමද ඇවිද්දෙ.......මිනිහා හිතන්න ඇති හෙන වීර වැඩක් කලා කියලා.....මංද උගෙ පස්සෙන් එල්ලිලා ආවේ......ඌනේ මාවත් කුදලන් ආවේ........පාහර නාකියා...........ආයි ඉතින් මං කොහොමත් තොගෙ මූනවත් බලන්නෙ නෑ තමයි.....ඔයතරම් බලු වැඩක් කරන්න පුලුවන්නම් තව මොනවා කරන්න බැරිද.......
අනේ පාරමී උබ ඔය ඉස්සර හිටියෙ බන් පාඩුවෙ.....එහෙම හිටපන්..එක එක ලොකු පක්කුන්ගෙ ලොකු ලයින් බලන්න ඕන නෑ උබ...ඔතන ඉන්නකම් උබට කොහොමත් නිදහසකුත් නෑනේ උගෙන්......උබ අයින් වෙයන්....මගෙ හිත කිව්වෙම ඒක........
කොහොමත් මං තීරණයක් ගන්නවා......බල්ලෙක් වගේ බැනුම් අහ අහ නිකම් ලොකු ලොකු පල් කතා අහ අහ උන්ගෙ පක්කලිකම් ඔක්කොම කර කර......මොකටද එහෙම ඉන්නෙ.........මං හිතුවෙම ඒක......හිතට මාරම දුකයි......කොයි දේ උනත් සතුටින් හිටපු තැන....අපිව කවුරුත් වැඩිය ගනන් නොගත්තට අපි ලැබුන දෙයින් සතුටින් හිටියා.....කතා බහ කරලා කට්ටිය එක්ක.......මේ නාකි හුචක්කුව ඇවිත් ඒ ඔක්කෝම නැති කරලා දැම්මා....
තව ටිකක් දුරයි ඔපිස් එකට.......මේ දුර මට මහලොකු දුරක් නෙමේ......එක දවසක් නුගේගොඩ පන්ති ගිහින් බස් එකේ ගෙදර එන්න සල්ලි නැති නිසා මං ගෙදරටම ආවේ පයින්.....පැය තුනක්.....මං ඇවිද්ද පැය ගානක්......කිලෝමීටර් දහයටත් ලඟයි ඒ දුර.....ඒ තරම් අසරණ උන දවස් පහු කරන් ආපු මට මේ දුර මොකක්ද...........මට දුක පයින් යන්න උන එක නෙමේ..........ඇයි මනිත් මට එහෙම දෙයක් කලේ.......මොකක්ද එයාට මං ඒ තරම් තරහ යන්න කිව්වේ.....මං කටපියන් නෙමේද හිටියේ......ඇයි එයා මට එහෙම සලකන්නෙ......මං කිසි වටිනාකමක් නැති මනුස්සයෙක්......ඔව් ඒක ඇත්ත..මං දන්නවා.....එහෙනම් මට කොහොමටවත් කිසිම වටිනාකමක් නොදී ඉන්න ඕන......එක දවසක මගෙන් තොර ලොවක් නෑ වගේ මං එක්ක ආදරෙන් ඉඳලා පොඩ්ඩ තරහ ගිය ගමන් මගෙන් මෙලෝ වැඩක් නෑ වගේ හැසිරෙන්නෙ.......ඇත්තටම ඇයි එහෙම......එයා එදා ඒ රෑ මට එහෙනම් ඒ තරම් ආදරයක් කරුණාවක් නොපෙන්නා ඉන්න තිබ්බා......සතෙක්ට උනත් කන්න දීලා පයින් ගහලා එලවන්න හොඳ නෑ.......මනුස්සකමක් නැද්ද......
.
.
.
.
.
.
.
.
තියාගනින් අයිසෙ උබෙ ස්ටාෆ් බස් එක උබම....උබ අද මොන ලෝකෙන්වත් මාව හොයාගන්නෙ නෑ......මං අදත් ස්ටාෆ් බස් එක මගහැරියා.......බල බල ඉන්නෙ නැතිව ආපු පලවෙනිම බස් එකට නැගපු මං ආවා එන්න......මං හිටියේ ෆෝන් එකත් ඕෆ් කරලා.....මං ඇවිත් පැයකට විතර පස්සෙ ලොක්කා ආවා........ඌ මගෙ මූන බැලුවෙත් නෑ මං හිටියෙත් නෑ උට පේන්න.......ඕෆ් වෙන්න ටිකකට කලින් මාව හොයලා තිබ්බත් මං කිව්වා මං වැඩකට එලියට ගිහින් කියන්න කියලා......ඌ මට කෝල් ගත්තද කියලා බලන්නවත් මං ෆෝන් ඔන් කලේ නෑ.....මං ඌව මඟ හැරලා බස් හෝල්ට් එකට ගිහින් එදා වගේ ටැක්ගැහි ගැහී ඉන්නැතුව ඉක්මනට ආපු බස් එකක එල්ලුනා.....අල්ලයි උබ මගෙ නැට්ට.......
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
