21.මාර කෙලියක්නේ

2K 321 102
                                        

මං උන්නෙ තරහෙන් පුපුර පුපුර.........මොකක්ද කියන්නකො ඒ කරපු බලු වැඩේ නුවන් සර්ට......පව් අහිංසකයා.......මූ මේ වෙන වෙන ඇරියස්ද මෙතන සේවකයො පිටින් යවන්නෙ.....

" සර් ඇයි නුවන් සර්ට කෑගැහුවේ......."

බැංකුවට යන්න පිටත් වෙලා හිටියෙ අපි දෙන්නා....එයාට බැ‍ංකු දෙකකටම යන්න තියනවා කිව්වා...එහෙම්මම දවාලට කාලත් එන්න ඕන කිව්වා....

" උබට කිව්වොත් ඇයි කෑගැහුවේ කියලා තේරෙනවද....."

" තේරුම් ගන්න හරි කියන්නකො"

" උබට ඒවයින් වැඩක් නෑනෙ......වැඩක් කරනකොට පිලිවෙලට අකුරෙන් අකුර චෙක් කරන්න ඕන මට දාන්න කලින්.......බාගෙට ඔහේ වැඩ කරලා මට ෆයිල් දැම්මොත් වෙන්නෙ අද උන දේ තමයි......"

" පව් අප්පා."

 " පව්නම් පින් කරගන්න කියපන්."

" නපුරු යකෙක් සර්නම්."

" යකෝ මං දැන් කිසි හේතුවක් නැතිව නිකම්ද කෑගැහුවේ......."

" හේතුවක් ඇතුව හරි නැතුව හරි ඔහොම කෑගහනවද......"

"  මේ පාරමී උබ ගානට හිටපන් හරි.........මගේ වැඩ කරන හැටි මට උගන්නන්න උබ කවුද......උබ එතන පියන්.........මං කවුද මං එතන හෙඩ්......උබ උබට කියන වැඩ කරන් හිටපන් පාඩුවේ මට උපදෙස් දෙන්න එන්නැතුව......."

..........

" උබට තේරුනාද මං කියපු එක...."

" සොරි සර්......"

" ගොන් ගොබ්බ කතන්දර කියල සොරි කිව්වම හරිද....පණ්ඩිතකමනම් තියනවා.......අනික උබට මොකක්ද තියන අමාරුව නුවන්ට කෑගැහුවම......උටවත් නැති අමාරුවක්නේ උබට තියෙන්නෙ....නටන්න ලෑස්ති වෙන්නෙපා..."

" සොරි සර්....."

" සොරි සොරි තමා.........රෙද්ද.....යකා අවුස්සනවනෙ මෙතන පාරට බැස්සම.........ශිට්...."

...........

මං කට පියාගත්තා......තව මොනව කියන්නද.......අහගත්තුවා මදෑ......මදෑ......කොච්චර කලත් ඔච්චර තමයි...මේ මිනිහට මාව ඕන අහවල් වැඩේ කරගන්න විතරයි......එවෙලෙට විතරයි හැම චාටුවක්ම.......අනිත් වෙලාවට කතා කරන්නෙ සතෙක්ට වගේ........අනික වචනයක් එහෙ මෙහෙ වෙන්න බෑ කන් දෙකේ ඇඟිලි ගහගන්න ගානට බනිනවා.....ඒ බනින්නෙත් මගේ රස්සාවයි මගේ තත්ත්වෙයි මතක් කර කර.....

හිතාදර / HithadaraWhere stories live. Discover now