" කේක් කෑල්ලක් කාපන්"
" අඩෝ චොකලට් කේක්.....කොහෙන්ද?"
" ෆෙයාවෙල් පාටියක්......ට්‍රාන්ස යනවා මිස් කෙනෙක්......"
" කවුද බං.."
" පෝස්ටල් එකේ..........අහ් අර උබ කියපු මිස්ද කොහෙද........"
" කවුද.......සවින්දිද.........."
" ඔව් ඔව්.........ඒකි තමා.....කැන්ඩි බ්‍රාන්ච් යන්න ඇවිත්ලු......"
අසූ හාරදාහට නගින්නැද්ද කියන්නකො ඉතින් මෙව්වට........බලන්නකො ඉතින්......හද පතුලෙන් පැන එන ආදරේ පෑල දොරෙන් පැන දුවනවනේ මේ කතා ඇහුවම.........ඕක අර දස බලු නාකියගේ වැඩක්.......මට හොඳටම ශුවර්.........කැලේ මාරු උනත් කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ තමා.............මූ මට හොඳ මූන පෙන්නගෙන යටින් ගේම ගහන්නෙ......මට හිතයි අර කැබින් එකෙ දොර කඩාගෙන ගිහින් උගෙ හොම්බට දෙකක් තුනක් ඇනලා එන්න..........කොහෙද ඒක කරගන්න විදිහක් නෑනෙ.....
මූ ඊයේ හවස මාව ගෙදර ගිහින් දානකම් මාර ආදර ජවනිකා තොගයක් තමයි රඟ දැක්කුවේ........හම්මේ ඉතින්........මං ආසම කෑම හිටන් ඉව්වා..........ඒ මදිවට මට කාටුන් බලන්නත් දුන්නා.........ගෝල්ෆේස් එක්කගෙනත් ගියා...........ඉස්සො වඩේත් අරන් දුන්නා........තව.....තව....
ඒ උනාට මෙහෙම වැඩ කරන්න හොඳ නෑනෙ මං කියන්නෙ........
" ඇයි දන්නෙ නෑ බං නේද එක පාරටම........"
" මං දන්නවයැ බං......හදිසි ට්‍රාන්ස එකක්ද කොහෙද.......අද කට්ටියට කියලා හෙට යනවා කියන්නෙ........පව් ඉතින්......."
" ඒකනේ ඕයි......බලන්නකො නේද......අපිටත් කොයි වෙලේ ටිකට් එක ඇදෙයිද දන්නෙ නැ........"
" නෑ නෑ අපිට ඒම අවුලක් වෙන්නෙ නෑ.......අපි ඉතින් පියන්ලනේ.."
" ඒකත් ඇත්ත........මං මේ ෆයිල් ටික ලොක්කට ගිහින් දීලා එන්නම්කෝ........"
මගෙ කට නලියනවා.......මට මුට දෙකක් කියාගන්න ඇත්නම්......අම්මපා.......මහා ජරා නාකියෙක්......
" එස්කියූස් මී සර්......"
" කමීන්....."
" මේ ෆයිල් ටික......"
" තියන්න"
"සර්....."
"කියන්න......"
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
