මේ රෑ හරිම සීතලයි........විශේෂයෙන්ම මේ බැල්කනියට....මෙතනට මුලු කොලඹම පේනවා...කොටින්ම කිව්වොත් මුහුදත්.........ඈත යන නැව්ත් පේනවා.....කොළඹ අපාට්මන්ට් එකක් තියෙද්දි ලොක්කා අර වැඩ ඇරිලා මං යන රූට් එකේම කොහෙද යන්නෙ කියලා එකපාරටම ඔලුවට ප්‍රශ්නයක් ආවත් මං ඒක ගැන හිතන එක පොඩ්ඩක් පස්සට දැම්මා.....මට දැන් ඒ දේවල් හිතන්න ඕන නෑ......සර් කිව්ව විදිහටම මං දැන් සර්ගේ වෙලා ඉවරයි...........හරි අමුතුයි......මීට මාස දෙකකට විතර කලින් මං හීනෙන්වත් හිතුවෙ නෑ මගේ ජීවිතේ මෙහෙම වෙනසක් වෙයි කියලා........මෙදාපාර මං සර්ගෙ උනේ අසිහියෙන් නෙමෙයි......හැබැයි මං හිටියේ හරි සිහියෙන් කියන්නත් අමාරුයි.........මං උන්නේ නොපෙනෙන මායාවකින් වැහිලා..........ඒ සර්...........මං දන්නෙ නෑ සර් කියන්නෙ ඇත්තද බොරුද කියල.........මට ඒ කිසි දෙයක් ගැන හිතන්න ඕන උනේ නෑ........අවුරුදු ගානකින් පස්සේ මට යන්තමට හරි ආදරයක් දැනුනා....ඒක මං නොහිතපු විදිහෙ ආදරයක් උනත් ඒක මගේ පපුවට දැනිලා ඉවරයි.......මං ආදරේ අඳුරන්නෙ නෑ..........මේ ආදරේ වෙන්න ඇති......ඒත් සර්....මනිත්.....එයා මට ආදරෙයි කිව්වෙ නෑ........එයා කිව්වේ එයාට මාව ඕනෙයි කියලා..........ඒක ආදරේ නොවෙන්නත් පුලුවන් නේද.........ඒත්.....එහෙම හිතද්දි ඇයි මගෙ පපුව රිදෙන්නෙ........
" හෙම්බිරිස්සාව හැදෙයි......"
ඝනකම් බෙඩ්ශීට් එකක් මගේ ඇඟ වහාගත්තා.......මං උන්නේ බැල්කනි අත්වැටට හේත්තු වෙලා............ලයිට් එලි නිසා අහසෙ එකම එක තරුවක්වත් පෙනුනෙ නෑ..........ඒත් රෑට මේ කොලඹ හරි නිශ්ශබ්දයි.......මගේ ගැහෙන පපුවේ සද්දෙ මටම ඇහෙන තරම්ම නිශ්ශබ්දයි.......ඒ සද්දෙ සර්ටත් ඇහෙන්න ඇති......ඒකමද කොහෙද එයා පිටිපස්සෙන් මාව බදාගත්තෙ.......ඒ පපුව හරි සාමකාමී........මං විතරද මේ තරම් කලබල.........
" දැන් වෙලාව එකත් පහුවෙලා.........උදේම නැගිටලා කාටුන් බලන්න ඕන නැද්ද.......ම්....."
" නිදිමත නෑ......."
" මහන්සිත් නැද්ද........"
" නැහැ......."
" කොෆී එකක් ගේන්නද....."
" එපා මං ප්ලේන්ටි විතරනෙ බොන්නෙ...."
" එහෙනම් ප්ලේන් ටී එකක්....."
"දැන් එපා...."
" ම්......එහෙනම් මෙහෙම ඉමු....."
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
