" උබ මට ඇත්තම කියපන්............මං ගැන ටිකක්වත් කැමැත්තක් ඇතිවෙන්නෙ නැද්ද......"
මේ වෙට්ට පිත්තල නාකියා මොන මගුලක් අහනවද මන්දා.........අපි උන්නෙ ටීවි එක ඉස්සරහ වාඩි වෙලා.......අර වෙලාවෙන් පස්සෙ මට ඕන උනේම මේ නාකියාගේ ඕන් ඔය ප්‍රශ්නෙ මඟාරින්න.......මං කොහොමද හරිහමන් උත්තරයක් දෙන්නෙ.....මංවත් නොදන්න දේකට.....ආදරේ ලැබිලා නැති මනුස්සයෙක්ට තව මනුස්සයෙක්ගෙන් ආදරේ අවධානේ ඩිංගක් හරි ලැබෙද්දි ඒ දේට ඉබේම ලෝභ හිතෙනවා......ඇත්ත.....මටත් ඒ ලෝභකම ඇවිත්.......වෙලාවකට ගල් මූසලයා වගේ කට හෝදලම පදෙන් මට ඇමතුවට ගොඩාක් වෙලාවට ලොක්කා මට මාර රොමෑන්ටික්.......මං නොකිව්වට ලොක්කා මං ගැන සෑහෙන අවධානෙන් ඉන්නෙ ඔපිස් එකේදි උනත්.........මට ඇහිලා තියනවා මං ස්ටාෆ් බස් එකට නගින හැම දවසකම අර ඩ්‍රයිව කාරයා කෝල් එකක් අරන් මං ආවා කියලා ලොක්කට කියනවා.........ඒ මිනිහා ඒ ගැන මොනවා හිතනවද කියලා මං දන්නෙ නෑ........මට දැනගන්න ඕනත් නෑ..........කොහොමත් ලොක්කා සමහර වෙලාවට හැසිරෙන්නෙ ඕන කෙනෙක් මේ දේවල් දැනගත්තට කමක් නැති ගානට..........එයා මට එයාගෙ කැබින් එකට ඉස්සර වගේ හැම තප්පරේම අඬගහන්නෙ නෑ.............සමහරවිට එයාටම හිතෙන්නැති ඒක ඕනවට වැඩී කියලා.......ඒත් එයා සමහර වෙලාවට එලියට ඇවිත් මගෙ මේසෙ පේන හරියටම ඇවිත් මොන මොනාවාහරි වැඩ බෙදනවා කට්ටියට........ඒක හැමදාම වෙන වැඩක්........මං හොරැහින් දකිනවා.......එයා මං දිහා කන්න වගේ බලන් ඉන්න විත්තිය..........හැබැයි මං නෙමේ ඒ පැත්තවත් බලන්නේ........ඒකෙන් වෙන්නෙ ඊලඟ තප්පරේ ඒ කැබින් එකට එන්න කියලා මොනවාහරි කියලා බොරුවට මං එක්ක එල්ලෙන එක.......
" කන් ඇහෙන්නැද්ද.........."
"නෑ......"
" ඔය මගුල වහනවා."
" බෑ බෑ මං මේක හැමදාම බලානවා........"
" ඕක පස්සෙ බලනවා දැන් මං අහපු එකට උත්තර දෙනවකෝ"
" පස්සෙ පස්සෙ....."
දැන් උනත් ඔය අර අදින්නෙ මං එක්ක එල්ලෙන්න......බොරුවට........උගේ විනෝදාංශය ඒක තමා.......බොරුවට තරහ ගන්න එකෙන් පොරට හෙන ආතල් එකක් තියෙන්නෙ..........හැබැයි මාත් සමහර වෙලාවට කැමති පොරව අවුස්සන්න.......රතු රෙද්ද පෙනුන කුළු හරකා වගේ.........තප්පුලනවා ඉවරයක් නැතිව........
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
