" මොන යකෙක් වැහිලද.......අද දවසම මාව කන්න හදනවා......විලි ලැජ්ජාවෙ බෑ.....අතන කොච්චර මිනිස්සු හිටියද.......අඳුරන මින්ස්සුත් හිටියද දන්නෙ නැ......ශික්........"
" ඇත්තටම මොන මගුලක්ද මේ සර් කරන්නේ.......සර්නේ කියලා හැම දේටම කරබාගෙන හිටියට දැන්නම් ඕනවට වැඩී.......ඇත්තමයි "
මං උන්නෙම ඔහේ කියෝන ගමන්.........නාකියා හ්ම් සද්දයක් නෑ.......හැබැයි කන් දෙකනම් ලේ රතු පාටයි........ශුවර් එකට හොඳටම තරහ ගිහින් ඉන්නෙ......ඒකත් මං පහුගිය දවස්,වල නෝට් කරපු දෙයක්........මිනිහට තරහ ගියාම කන් දෙක ලේ පාට වෙනවා.....දුම් පිටවෙනවා ඇති..........
ඇත්තනෙ මං කියන්නෙ......අර බස් හෝල්ට් එකේ කී දෙනෙක් හිටියද.......ඒකත් අඳුරන අයත් ඉන්නැති......මං එතන හිටියෙම පොර සෙනඟක් මැද්දෙ මාව දැක්කත් අතාරී කියලා හිතලා .........මුටනම් අම්මපා ලැජ්ජාවක් බයක් ගෑවිලාවත් නැද්ද කොහෙද........
තමුසෙ මාව ගිල්ට් ට්‍රැප් කරන්නද හදන්නෙ.....තමුසෙද මමද මෙතන වැරදි.........ඒක කියනවා මුලින්ම.......කියපන් ඉතින්...."
" මං කරපු වැරැද්දට මං සමාව ගත්තා......."
" ඒ මගුල මට දැන් වැඩක් නෑ......ඒක ඔෆිස් එකේ වැඩක්.....මං අහන්නෙ ඒක නෙමේ..........තමුසෙ ඊලඟට කරපු වැරැද්ද.......!"
" මට ඕන නෑ සර් එක්ක යන්න......සර් යන දිහාක සර් යන්න.....මාව බස්සන්න ඔතනින්...."
" තමුසෙ කියන කියන ඔක්කෝම අහන් හිටියම තමුසෙ හිතන් ඉන්නෙ මං කවුරු කියලද....."
"ඉතින් මොකටද මං කියන ඒවා අහන්නෙ......."
" අහන්නෙ....අහන්නෙ.....මේ......පාරමී......උබ මගෙන් කුනුහරප අහගන්න ලෑස්ති වෙන්න එපා......උබට මං ආයි ආයි කියන්නෙ නෑ.....මගේ ඉවසීම පරික්ශා කරන්න එපා....උබට මං ඉන්න කිව්වනම් උබ ඉන්න ඕන.......උබ මොන හයියක් අරන්ද යන්න ගියේ.......අහ්.....කියපන්....."
" ..........."
" කියපන් ඉතින්....!"
" මං ගියේ මට ඕන නිසා...."
" යමන්.....යමන්.....මං උබට අද ගොඩාක් දේවල් කියලා දෙන්නම්.....දවස් දෙකක්ම තියනවානේ......යමන්"
" අනේ මොන විකාරයක්ද......මං මොකටද එහෙ යන්නෙ......"
අපි උන්නෙ පොර කුකුල්ලු වගේ කා කොටාගන්න ගමන් උනත් ලොක්කා එකපාරක්වත් නෙමේ මං දිහා බැලුවේ......ඉස්සරහ පාර දිහා බලන් ඩ්‍රයිව් කරන ගමන් පොර මං එක්ක කියවගත්තා.........යන්නෙ කොහෙද කියල මටත් නිච්චියක් නෑ......මාත් උන්නෙම ලොක්කා එක්ක වලිය පිට.....
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
