15.අවසාන මොහොත මාගේ....

2K 294 94
                                        

" තමුසෙ මෙලෝ සිහියකින් නෙමේ වැඩ කරන්නෙ........තමුසෙට රස්සාව කරන්න ආයි උගන්නන්න වෙලාද ආ පාරමී........තමුසෙට මං බෑන්ක් එකට මේ චෙක් දහය දාන්න කිව්වේ උදේ නවයයි විස්සට.......දැන් වෙලාව තුන්‍ පහුවෙලා............තමුසෙ මේ ඒ වැඩේ කරපු හැටිද අහ්...........කියපන්..."

" ස්ස්....ස්..සො...ස්...සොරි ...සර්..අනේ සොරි........!"

"සොරි කිව්වම මේ මගුල් ඩිපොසිට් වෙනවද................බලනවා සේම් බෑන්ක් චෙක් හතරක්ම අදම ඩිපොසිට් කරගන්න තිබ්බනෙ......මොන ලෝකෙද ඉන්නෙ තමුසෙ......යූස්ලස් උබලා......එකෙක් නෑ මෙතන හරියට වැඩ කරන.....එකෙක් නෑ......."

" සොරි සර්....ආයි එහෙම වැරැද්දක් වෙන්නෙ නෑ......."

" උබට මං කියන වැඩේටත් එහා මොකක්ද කරන්න තිබ්බ වැඩේ මේක අමතක වෙන්න තරම්...........කියපන්..."

" මුකුත් නෑ සර්..........අලුත් අවුරුද්දට බඩු ස්ටොක් එකක් ඇවිත් ඒක බෙදන්න තිබ්බා........"

" ඒක කොයිවෙලේ කරන්න බැරිද අයිසෙ........තමුසෙලාට ඉතින් ඔතනින් ඉස්සරහට එන්න බැරි ඕකනේ......සදහටම අනුන්ගෙ වැඩ කර කර පියන්ම තමා ඉන්න වෙන්නෙ උබලට.......ශිට්........"

මේ නාකි පරයා මට දැන් විනාඩි තිහක් තිස්සෙ කෑගහනවා.......මගෙ වැරැද්ද.....අර මගුල් බඩු බෙදිල්ලකට කොටු වෙලා මට ඒක එහෙම්මම අමතක උනා.........හරි ඉතින්....මං මොකක්ද කරන්නෙ දැන්.......දැන් ඉතින් තුනත් පහු වෙලා......බෑන්ක් වහලනේ.......දැන් මං මුට දහ ගමනකට වැඩිය සොරි කිව්වා.......ඒත් බනිනවා ඉවරයක් නෑ.......ඒ මදිවට කියන්නෙම හිත රිදෙන කතා...........ඔව් පියන් තමා.......මැරෙන්නද කියන්නෙ පියන් කියලා..........ඉගෙන ගන්න ලැබුනේ නෑ තමයි......ඔව් ඒකත් ඇත්ත.......

" ආයි එහෙම වැරැද්දක් වෙන්නෙ නෑ සර්......"

" යනවා අයිසෙ මෙතනින් යන්න......කියන වැඩේ හරියට කරන්න බෑ......මහ ලොකු වැඩක්නම් ඒත් කමක් නැ.......යනවා ඉතින්.....තවත් මොනවද මගෙ මූන දිහා බලන් ඉන්නෙ......"

මං ආවා එන්න හැරිලා.......ඔහොම සතෙක්ට වගේ කෑගහන්න ඕනද මොන වැරැද්ද උනත්.....මටනම් එපාවෙලා මූ මේ කටුස්සෙක් වගේ පාට මාරු කරන එක.....හිතේ ඇති උගෙ මූන එහෙමට එක කියලා බලන් ඉන්න......අනේ යකෝ.....මං කැතයි තමයි....තමුසෙ ඊටත් කැතයි......හාල්පාරුවා.......හිතේ ඇති සුදුවට උසට ගානට හිටියම උට වසී වෙලා ඉන්නවා කියලා හැම එකාම..........හැම එකාම එහෙම හිටියත් මේ පාරමී එහෙම නෑ.......

හිතාදර / HithadaraWhere stories live. Discover now