14. පොඩි උන් වගේ අප්පා

2.2K 290 88
                                        

"උබ අර ලොක්කත් එක්කමනේ ලොකූ ගොඩක් දවසට ගෙදර එන්නෙ....."

" ඔව් ඔව් මල වදයක් වෙලා තියෙන්නෙ දැන් ඒකත්...."

" ඇයි"

" නෑ ඉතින්......හැමදාමත් ඕටි......ගෙවන්නෙත් නෑ"

" ගෙවන්නැද්ද උබ අපිට කියන්නෙ එහෙමද දන්නෙ නෑ........"

"මං මොකටද බොරු කියන්නෙ.........අනික මං සල්ලි දෙනවනේ හැම මාසෙම........"

" ඔව් ඔව් දෙනවා..........කෑම බීම දැන් දැන් ගනන් වැඩී........මල්ලිලගේ එක්සෑම් වලට ගෙවන්නත් ඕන........"

" මට කන්න දෙන එකද අම්මට තියන ලොකුම ප්‍රශ්නෙ......මං රෑටවත් දැන් ගෙදරින් කන්නෙ නෑනෙ.....අනික මං රෑටත් කෑම ගොඩක් දවස් වලට අරන් එන්නැද්ද ඔයාලට......"

"ඕන් ඕන් ඉතින්........කාටද උබ ඔය කෑගහන්නෙ.......ගහප්.....උබ කෑගැහුවම ඔක්කොම හරිද.....කෑ ගහලා දිනන්නද හදන්නෙ....."

" දැන් මමද විකාර කියවන්නෙ මෙතන........"

" ඉඳා.......මේකත් අරන් පලයන්........දැන් අර බස් එක ඇවිත් මෙතන හෝන් ගහයි...........උබලට දෙයක් කියන්නත් බෑනෙ දැන්......කරදඬු උස් මහත් උනාම එනවා අපේ කරේ යන්න......"

" මං යනවා යන්න......."

"ඉතින් පලයන්....."

මංනම් කරලා තියෙන්නෙ එසෙ මෙසෙ පවක් නෙමේ..........හැමදාම උදේට ඔහොමනේ......මොකාක් හරි පටන් අරන් දවසම මුස්පේන්තුයි ඉතින්.........මටත් ඉතින් පොඩ්ඩ ඇත්නම් තද වෙනවනේ.......මාත් අනිත් අතට කෑගහනවා........පස්සෙ ඉතින් රණ්ඩු වෙලා තමා ගෙදරින් එලියට බහින්නෙ..........මේක හරියන්නෙ නැ.........හිතුනොත් මං යනවා යන්න බෝඩිමක් අරන්..........අඩුම ගානෙ කනක් ඇහිලා ඉන්නවත් පුලුවන් වෙයි.....

ගෙදර ගියොත් අම්මා රස්සාවට ගියාම ලොක්කා..........මටනම් අම්මපා නිවනක් ඇත්තෙම නෑ........දැන් දැන් අම්මටත් මීටර් වෙලා තියෙන්නෙ හැමදාම හවසට ලොක්කා මාව ගෙනත් දාන එක......මොන මරාලයක් කඩන් පාත් වෙයිද දන්නෙ නෑ ඉස්සරහට.......

ලොක්කටත් ඉතින් වෙන වැඩ නෑ........ඔපිස් එකේ වැඩ ඉවරනම් ගෙදර ගිහිල්ලා නාලා කරලා ඉන්න ඕන චූන් එකෙ..........ඌ ඒ චූන් එක ගන්නෙත් නෑ මට ගන්න දෙන්නෙත් නෑ........හැමදාම හවසට මොකක් හරි පත පචයක් කෙලලා මාව තියාගන්නවා.......ඊට පස්සෙ ඉතින් අරක මේක කිය කිය මගෙත් එක්ක කෙලගන්නවා.........වැඩියෙන්ම කෙලගන්නෙ මං එයාගෙ නම කියලා කතා කරන්නෙ නෑ කියලා.........හහ්........එහෙම නම කියන්න පුලුවන්ද මගෙ ලොක්කට මට.....මං එයාගෙ සේවකයෙක්නේ.....

හිතාදර / HithadaraWhere stories live. Discover now