මං උන්නෙම වටපිටාව ගැන මෙලෝ දැනීමක් නැතුව.....පපුව ගැහෙන එක තව නතර උනේ නෑ.......අර ගොන් හැත්තටම අහුවෙන්න ගියානේ.....මං පයින්ම ඉස්සරහට ඇවිදන් ආවා.......ඇවිදන් ආවා කිව්වට ඉතින් දිව්වා......ලොක්කා මොනා කරගත්තද දන්නෙ නෑ..........ඌ මොනා කරගත්තත් මට මොකද.....නාකි ලොක්කා.....මෙතන.......මාවත් අමාරුවේ දාන්න යන්නෙ......ඌටනම් මොකෝ.....ඌ ඉතින් ලොක්කනේ.....මාව දැක්කොත් මටනේ බඩු පත්තු වෙන්නෙ....
හොටෙල් එක තිබුන පාරෙ ඉඳන් අතුරු පාරට හැරෙනකොටම වගේ ගොන් ලොක්කගෙ වාහනේ මගෙ ඉස්සරහටම ඇවිත් බ්‍රේක් ගැහුවා......ගැහුවා තමා මිතුරනි තව ඩිංගෙන් මං බොනට් එක උඩ සවාරි යන්නෙ......මූනම් මග මරුවෙක්.......ඔහොමත් බ්‍රේක් කරනවද ආච්චිගෙ රෙද්ද......ඔන්න එනවා ඔන්න එනවා මාරයා........මගේ අවසානේ මට මැවී මැවි පේනවා.......දත කට පූට්ටු කරන් එන්නෙ මගෙ පැත්තට යස්සයෙක් වගේ...........
" තෝ මොන මගුලෙද ගියේ...."
දැක්කද දැක්කද මං කිව්වේ........ආපු ගමන් කලේ මගේ අතින් ඇදලා මාව එයාගේ පැත්තට ගත්තු එක......ඒ කරලා මූනටම එබිලා අහනවා කොහෙ ගියාද කියලා.......
" ඇයි දැක්කෙ නැද්ද....."
" මොනාද......"
" ඇත්තටම දැක්කෙ නැද්ද......."
"මොනවා දකින්නද අයිසෙ.......තමුසෙ මොන ලෝකෙද ගියේ කියලා හොයන්න එලියට බැහැලා ආවා මිසක් මං මොන මගුලක්වත් දැක්කෙ නෑ......."
" ඇයි අර ඔපිස් එකේ කට්ටියක් ආවේ....දැක්කෙ නැද්ද........"
" කවුද....."
" සවින්දි මිසුයි තව එයාගෙ යාලුවෝ ටිකකුයි......"
" නෑ මං දැක්කෙ නෑ..........ඉතින් තමුසෙට සවින්දිව දැක්කම උන් හිටි තැන් අමතක උනාද......."
" දැක්කනම් එහෙම මාව....."
" ඉතින්......දැක්කනම් මොකද........දැක්කම මොනවා කරන්නද.......මේ........මගෙ යකා අවුස්සන්නෙපා....."
" දැක්කනම් ගිහින් කියයි ඔපිස් එකේ හැමතැනම.........මං හිටියා කියලා එයාලගෙ ලොක්ක එක්ක....."
" ඉතින්..........කියපුදෙන්.......කියලා මට කරන්නද......උබට කරන්නද........උබට අමතකද මට එහා එකෙක් එතන නෑ කියල......"
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
