11. ආදරයද කෑදරයද

2.4K 305 72
                                        

පර නාකියා කියලමද කොහෙද උදේ මං එලියට බැහැලා යන්න හදද්දිම අර කරුමක්කාර බස් එක ගේට්ටුව ගාවටම ඇවිත් නැවැත්තුවා.....මහ අජූත දවසක් වෙන්නයි යන්නෙ අදනම්.....මට ඒක නිකම් ඉවෙන් වගේ දැනෙනවා.........

ඔපිස් එකට යන ගමනුත් මං කල්පනා කර කර ගියෙම එදා රෑ මොනවා වෙන්න ඇතිද කියලා........ම්හ්ම්......කිසිම දෙයක් මතක නෑ........මං හිතන්නේ එදා රෑ මං මත්පැන් නාලාද කොහෙද........වෙන්න පුලුවන් නරකම දේ වෙලත් මට මතක නෑ කිසි දෙයක්......මං දැන් ඒ ගැන හිත හදන් ඉවරයි............මං මේ කිසි දෙයක් උනේ නෑ කියලා හිත හදන් ඉන්නව.........වෙන මොනවා කරන්නද......අරූ මට රස්සාවෙන් අයින් වෙන්න දෙන්නෙ නෑ..........අයින් උනොත් මට උගෙ නිවාස අඩස්සියේ ඉන්න වෙයි කියලා මාර බයක් දැනෙන්නෙ.....වීරයා වගේ උන්නට මං හේතු දෙක තුනක් නිසාම මේ මිනිහාට බයයි........

එක.........මූ මට වඩා සෑහෙන නාකියා........මූ මට වඩා ඇඟෙනුත් ලොකුයි.......මූ එක්ක තිබ්බම මං නිකම්ම නිකම් පොඩි එකෙක්......දෙක......මු මොන දේ උනත් මගේ ලොක්කා.......මේ ඔපීසියෙ ඔක්කොම මුට බයයි......මූ රවලා බැලුවත් මේ ගෑනු අඬනවා....තුන මුට සල්ලි පැලෙන්න........මේ ලංකාවේ හැටි කොහොමත් එහෙමයිනෙ.....සල්ලි වලට ඕන කෙනෙක් යටයි........හතර මූ මං ගැන සෑහෙන දේවල් දැනටමත් දන්නවා වගේ.........

අපි මොක්කුද ඒ ලොකු ලොක්කොත් එක්ක බැලුවම...වේලක් කාලා පිරිමහගන්න මිනිස්සු අපි........පියන් රස්සාවක් කරන්නෙත්.....මෙතනින් දොට්ට බැස්සා කියලා මොන රස්සාවල්ද......අපිට කවුද එහෙම අනුකම්පා කරල රස්සාවල් දෙන්නෙ........ඒ තරම් ලොකුවට ඉගනගෙනත් නෑ.....කුලී වැඩ කරන්න තමා වෙන්නෙ.......නැත්තම් ගාමන්ට් යන්න......ගෙදර උන්ගෙ ලොකුකම එක්ක එහෙම රස්සාවක් කරන්න ගත්තොත් මට ගෙදරිනුත් යන්න කියයි........මටම තේරෙන්නෙ නෑ මං මොනවද කරන්න ඕන කියලා.....මග හිටියොත් තෝ නසී.....ගෙදර ගියොත් අඹු නසී තමයි......

මං වෙනදටනම් කොහොම උනත් ඔපිස් යන්නෙ ආසාවෙන්........එහෙම වෙන්න එපෑ......හම්බකරන් කන රස්සාවනේ......එත් අද........අද මං නිකම් මරන්න ගෙනියන හරකෙක් ගානයි........ඊයේ මුලු රෑම කල්පනා කර කර ඉඳලා මගේ ඇස් ඉබේම පියවෙනවා......

හිතාදර / HithadaraWhere stories live. Discover now