අනේ මං ඇඬුවා මිතුරනි......වොශ් රූම් එක අස්සට ගිහින් මං කරාමෙත් ඇරලා දාලා හොඳටෝම ඇඬුවා.........ඇත්තටම දුකයි.......නරක ජරා හිතකින් මං ඒ මිස්ට කතා කලා නෙමේ.......ඒ මිස් මං ගැන අනිවාර්යයෙන් කම්ප්ලේන් කරන්නැති......ඒක තමා වෙන්නැත්තෙ.......මං ඕනවට වඩා කියව කියව එයාලගේ කාලේ නාස්ති කරනවා කියන්නැති....අනේ මං එහෙම නරක විදිහට හිතුවේ නෑ.......පව්.......මං නිසා ඒ මිස් උනත් අපහසුතාඒට පත් උනාද දන්නෙ නෑ.........මං ආයි යන්නෙ නෑ ඒ පැත්ත පලාතේ......කොහොමත් ලොක්කා මට යන්න දෙන්නෙත් නෑනේ දැන් ඉතින්............
ඕන් ඔහොමයි ඉතින් ඒ මංගල්ලෙත් ඉවර උනේ.......ඇයි දන්නෙ නෑ කෙල්ලො අපිට මෙච්චරටම අකමැති.......පියන් නිසා වෙන්නැති.......සුලු සේවකයොනේ......ඒ මිනිස්සු ඉතින් හොඳට ඉගනගෙන එහෙම.......අපි එක්ක කතා කරද්දි මදි පුංචිකමක්ද දන්නෙ නෑනෙ......
දවසම මුස්පේන්තුයි......දැන් ඉතින් නාකියට තේ එකක් ගෙනියන්නෙපෑ.....තේ නෙමේ මුට මං වහ......වහ දෙන්නෙ......රෙද්ද...
" සර් තේක"
අප්පදබොල මං යනකොට ප්‍රතිභා මිස්ට ලොක්කා හෙන සැල් එකක් අරිනවා.......මූ මේම කලොත්නම් එකෙක් මේකෙ ඉන්න එකක් නෑ........මුට ගිනිපුක් ගාය......කොයිවෙලෙත් ඇවිලිලා ඉන්නෙ.....
" මිස් ඔයා මේ පේමන්ට් ෆයිල් ඔක්කොම අද තුන වෙද්දි මට රෙඩි කරල දෙන්න ඕන......හරිනේ......"
" හරි සර්!"
"අහ් ගේන්න පාරමී ටී එක...."
" හරි මිස් ඔයා ගිහින් කියපු වැඩේ කරන්න......මට අර අන්තිම ප්‍රොජෙක්ට් ෆයිල් එක අරන් එන්න තව ටෙන් මිනිට්ස් වලින්...."
"හරි සර්"
මාත් හැදුවේ එ අල්ලපනල්ලේම තේක තියලා මාරුවෙන්න.....කොහෙද.......මේ නාකියගේ ඇස් වලට මාවමයි අහුවෙන්නේ......
" අයිසෙ ඔහොම ඉන්නව ටිකක්........"
" කියන්න සර්....."
මං උත්තර දුන්නෙම යන්න හැරිලා......මට මුගේ මූනවත් බලන්න හිතෙන්නෙ නෑ......
" හැරෙනවා මේ පැත්ත.......මට ඔය එක එකාගෙ පස්සට කතා කරලා පුරුද්දක් නෑ........"
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
