අද පඩි දවස...........අනෙ අම්බෝ............ඇතියාන්තම්.......
ඔයාලට කියන්න මිතුරනි මං මේ දවස් හතරෙ බැනුම් අහපු තරමක් අර අත්කොට සර්ට් නිසා.........
" අයිසෙ එකපාරක් කියද්දි තමුසෙට තේරෙන්නැද්ද...
" එක සර්ට් එකයි සර් තියෙන්නෙ අත් දිග..පඩි ආවම තව එකක් ගන්නකම් මට මේවා විතරයි තියෙන්නෙ අඳින්න....."
" තමුසෙලා හැම මාසෙම පඩි ගන්නවනේ......අත් දිග ශර්ට් එකට දෙකක් ගන්න තිබ්බනෙ.........මොනාද අයිසෙ.........අහ් අනිත් එක තමුන් මගෙ මූණට හා සර් ඔව් සර් කිය කිය තමුසෙ කරන්නෙම මං එපා කියන එක කියලා මට නෝට් වෙලා තියෙන්නෙ......"
" ස්...ස්.සර්..!"
" තමුසෙ ඊයෙත් ගියා බස් එකේ..........බස් එකේනම් කමක් නෑ අයිසෙ තමුසෙ ගියේ ෆුට් බෝඩ් එකේ.........තමුසෙ හිතන්නේ මං ගොනා කියලද......."
මට කියන්න දේවල් තිබ්බෙ නෑ.....මේ මිනිහා ඉස්සරහ මට මගෙ නැති බැරිකම් කියලා නහයෙන් අඬන්න බෑ.....මාත් කොල්ලෙක්......පිරිමියෙක්........තවත් පිරිමියෙක් ඉස්සරහ මට මගේ නැති බැරිකම් කිය කිය පින්සෙන්ඩු වෙන්න බෑ අනුකම්පා කරන්න කියලා......
" මොකෝ සද්ද නැත්තේ........කියනවා....."
මං මෙහෙට ආවේ මේ ඔපිස් එකේ රස්සාව කරන්න......මං වැඩ කරන්නෙ මේ ඩිපාට්මන්ට් එකටම......ඒත් දැන්.......දැන් දවස් ගානක ඉඳන් මං මේ නාකි ලොක්කගේ අතවැසියා වෙලා........ඌ කියන වැඩ විතරයි මට දැන් කරන්න වෙලා තියෙන්නෙ......උගේ වැඩ ඔක්කොම කලහම නිකම්ම ඕෆ් වෙන වෙලාව ඇවිත්.......
" ඇයි තමුසෙට මං කියන දේ අහන්න අමාරු......."
" මට බස් එකේ යන එක ලේසි සර්!"
" ඕයි තමුසෙ යන්නෙ බස් එකේ නෙමේ බස් ෆුට්බෝඩ් එකේ................අනික තමුසෙ ඔය යන දිහාටම යන ස්ටාෆ් බස් එක තියෙද්දි තමුසෙ මොන අහවල් එකටද අර මගුල් වල ගාටන්නෙ......"
" ඒකේ ගනන් වැඩී සර්......"
" තමුසෙ බස් එකේ යන්නේ නිකම්ද.........බස් එකේ අයිතිකාරය තමුසෙගේ මොකෙක් හරිද...........ඈ ඕයි......."
" නෑ සර්........"
"තමුසෙ අද ඉන්නවා මං එනකම්.......මං තමුසෙව දාන්නම් ස්ටාෆ් බස් එකට......."
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
