වෙලාව දැන් එකහමාරයි......අඩේ මට බඩගිනි අප්පා.....මේ මිනිහා කන්න යන්නැද්ද දන්නෙ නෑ රෙද්ද......අර තඩි ෆයිල් එකක් බදන් අකුරෙන් අකුර චෙක් කරනවද කොහෙද....මට මේ අහගන්න බැරුව ඉන්නෙ...පරාක්‍රමබාහු ගැම්ම අරන් අහපන් පාරමී........ඕකා උබව කන්නෙ නෑ........අහපන්.....
" සර්....."
"ම්ම්..."
" සර්...කන්න යන්නැද්ද...."
"ම්ම්...."
මොකක්ද නාකියෝ ම්ම් ගාන්නේ.......තෝ ම්ම් ගාන්නෙ මොකටද කියලා මං දන්නවද......කැත නාකියා.......නාකි කැතයා......අයිසෙ කන්න පලයන් මටත් යන්න.....
" සර් මං කාලා එන්නද....."
"වෙලාව කීයද......"
"එකහමාරයි සර්....."
"බඩගිනිද......"
"ටිකක් සර්!"
" මොනාද ගෙනාවෙ...."
" බත් සර්...."
"මොනා එක්කද......"
" සර්...."
"අයිසෙ තමුසෙ නිකම් බත්ද ගෙනාවෙ....."
"න්.න්..නෑ සර්.."
" එහෙනම්......"
"බතුයි පරිප්පුයි සම්බෝල තෙම්පරාදු කරල කීරමින් බැදලා..."
" හ්ම්.........රහ ඇති...."
" රහයි සර්!"
" හ්ම්.හ්ම්.....කාලා එන්නකො එහෙනම්...."
"හරි සර්!"
බුදු අම්මේ දැනෙන ආධ්‍යාත්මික සැනසීම.....මං දැන් කොච්චර වෙලා මේක අස්සෙද...මූ දැන් කී දෙනෙක්ව මෙතනට ගෙන්නලා අඬවලා යැව්වද.......අර එකෙක්නම් මල පැනලා ආයිමත් මුට එකට එක කියන් ආවා....එයාවනම් ගෙදරම යැව්වද කොහෙද....ඒ මදිවට එන කෝල් තොගේ.....විනාඩි පහලවෙන් පහලවට කෝල්......අනේ මන්දා මේ ලොක්කන්ට තියන වැඩ රාජකාරි ගොඩ....
දැන් කන්න ගිහිල්ලනම් මං ආයි පැයක් යනකම් එන්නෙ නෑ අම්මපා....ඒ තරම් ඇතිවෙලා තියෙන්නෙ අරක අස්සෙ ඉඳලා...මං කෙලින්ම ගියේ සමීරය හොයාගෙන...අම්බෝ මගේ බොක්ක.....දැක්කත් හිත පිනා යනවා......කොච්චර කාලෙකට පස්සෙද ඉතින්...අනෙ අම්බේඑ.....හුංචිකුචයියා මගේ........
"අඩෝ පාරමියා දැක්ක කල්!"
ඔව් ඕයි....අර අපායෙ හිරවෙලා මං දුක් වින්දා මෙච්චර වෙලා...යමන් කන්න.......උබ කෑවෙ නෑනෙ.."
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
