" අයිසෙ ඔය මගුල එහාට කරනවා....මෙහෙටත් ඩස්ට් එක එනවා....මට ඩස්ට් එක හොඳ නෑ...."
"හා සර්...මට විනාඩියක් දෙන්න......."
" විනාඩියක් මට තමුසෙ කියන්නේ මෙතන හච්චිං යව යව ඉන්නද......ගන්නවකො ඕක...."
"ම්..ම්...මේං ගත්තා සර්.."
මං කිව්වා නේද මිතුරනි.....මූනම් සිරාවටම මලෙන් උපන් කුමාරයෙක්.....මුගේ ගෑනි යන්න ඇත්තෙත් මුගෙ මේ රෙස්පෙට් බලන්න බැරුව.....පුදුමාකාර තේජසක් මූ විදහාපාන්නේ......දැන් මං පැය දෙකක් තිස්සෙ මේ මගුල අස්සේ තියන ෆයිල් අරහෙ කරනවා මෙහෙ කරනවා.....මොන රෙද්දක්ද මන්දා......මූ එක ෆයිල් එකක් තුන් හතර ගමනක්ම එහා මෙහා යවනවා...මටනම් මිතුරනි දැන් නප්පියටම නැගලා ඉන්නේ....මගෙ සර්ට් එකේ කුනු එකයි.......ඒක උදේ එනකොට තිබුන පාට නෙමේ......දැන් තනිකරම අළු පාටයි.....අනේ මේ නාකියටනම් මං කියන්නේ මු කකුල පැටලිලා වැටිලා ඉස්සරහ දත් දෙක බඩට යන්න ඕන.....මුස්පේන්තුවා..
" අයිසෙ මොනවද උඩ බල බල කල්පනා කරන්නේ......මෙහෙ වරෙන් කිව්වම අහලා....."
හම්මට උතුමානන් මට කතා කරලා.....ඇහුනෙ නෑ කියනවකෝ.......
" කියන්න සර්.."
" මෙන්න මෙතන.....මේ මෙතන මේ කාගෙද අයිසෙ ෆොටෝ එල්ලලා තියෙන්නෙ.....ගලවලා දානවා නාකි හුචක්කු.....උන් මැරිලා වලපල්ලෙ දැන්......"
"හරි සර්......."
"බලාගෙන නගිනවා........තමුසෙ වැටිලා තව එකක් ඒ පාර..."
නාකියා අනිත් උන්ට නාකිලු.....තෝනේ නාකි උලමා......
මං පුටුවක් තියලා නැග්ගේ උගේ ඔලුව උඩට වෙන්න බිත්තියෙ ගහලා තියන ෆොටෝ ටික ගලවන්න....එකක් ගලවලා සර්කාරයා අතට දුන්නු මං ආයි කෙලින් උනේ අනිත් එකත් ගලවන්න........ගැලව්වා තමා මිතුරනි........මගේ රෙද්ද ගැලවුනේ.........දොන්තපතන් කියලා මං වැටුනා.....අනේ මං වැටුනා......අයියෝ.......ඕක තමා කියන්නේ සාප තියන්න එපා කියලා....එව්වා කැරකිලා එන්නේ ආපස්සට අපිටමයි..........
මෙහෙමයි වැටුන කිව්වට මිතුරනි මං වැටුනේ බිමට නෙමේ......මං වැටෙද්දි අල්ලන්න උන්නා පුටුව පාමුල තේජවන්ත කුමරුවෙක්.......ඒකා මාව දෝතට අල්ලගත්තා........
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
