3.කෝ හිතක්.....කෝ පපුවක්.....

2.2K 293 76
                                        

පොඩි කාලෙ ඉඳන්ම මට ලොකුවට කියලා සැපවත් ජීවිතයක් තිබ්බෙ නෑ....අපෙ තාත්තා නැතිවෙද්දි මං හිටියේ හතර වසරේ....හාට් ඇටෑක් එකකින් තාත්තා නැති උනේ.....මට මතකයි තාත්තා ඉස්පිරිතාලෙ ඉද්දි මායි අම්මයි තාත්තාව බලන්න යනවා....මහ ඉස්පිරිතාලෙ දිගම දිග කොරිඩෝ දිගේ මාවත් ඇදන් අම්මා ඉස්පිරිතාලෙ එහා කෙලවරේ ඉඳන් මෙහා කෙලවරටම යනවා......අදටත් මං තව එක පාරක්වත් යන්න අකමැතිම තැනක් ඒ......

ඊටත් පස්සේ තාත්තා නැති උනාට පස්සේ ගොඩක් දේවල් වෙනස් උනා.....මං තාත්තගේ ආදරේ වැඩිපුරම විඳපු ලමයා.....අම්මා හිතුවෙ එහෙම......මොකද තාත්තට මල්ලිලා එක්ක රැඳෙන්න ලොකූ කාලයක් තිබුනේ නෑ.......මගෙ මල්ලිලා නිවුන්නු......එයාලා මොන්ටිසෝරි යන්න පටන් ගත්තා විතරයි තාත්තා නැතිවෙද්දි.....අම්මා මට වඩා මල්ලිලාට ආදරෙයි කියන එක මට ඒ පොඩි වයසට උනත් තේරුනා.......මල්ලිලා දෙන්නා රණ්ඩු උනත් මං ගුටි කන තියරියක් තමා ගෙදර තිබ්බේ.......එයා එයාගෙම හිත හදාගන්නද කොහෙද එක දවසක් මං රණ්ඩු වෙනකොට කිව්වා එයාලාට තාත්තාගෙ ආදරේ ලැබිලා නෑ.....ඒ නිසාමයි එයාලට ගොඩක්ම ආදරේ කියලා...........මං දන්නේ නෑ..........ඒ කියන්නේ........ඒ කියන්නේ ලමයෙක්ට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ආදරේ ලැබෙන්න ඕන නැද්ද..........

එහෙම ගෙවපු ජීවිතේ ගොඩක්ම එපාවෙන්න ගත්තේ උසස්පෙල කාලෙදි..........බැරි මගුලක් අල්ලන් ගෙදර බල කිරිල්ලට මං හිතවතුනි ඒ සාපේ තුන්පාරක් ලිව්වා....මගේ කරුමෙම තමා ඉතින් ඒ තුන් පාරම මං එක විශයක් විතරක් ෆේල් වුනා........යාන්තම් කට්ට කාලා කාලා ඔය අයිටී කෝස් එකක් ඒම කරලා යන්තම් මේ කම්පැනියකට ආවට ලැබුනේ පියන් රස්සාව.......මොනා කරන්නද.......හැමදේම අඩුවෙන් ලැබුනු මට රස්සාවත් ඔච්චර තමයි........

මගේ ජීවිතේ චිත්‍රපටියක් වගේ එකපාරටම මගේ ඉස්සරහ පේන්න ගත්තේ බස් එකෙන් බැහැලා හෝල්ට් එකට ඇවිදන් යද්දි පේන්න තිබුන අර සැප වාහනේ දැකලා.......මං අහලා තියනවා මරණ මංචකයෙදි තමන්ගෙ මුලු ජීවිතේම තමන්ගෙ ඇස් ඉස්සරහ චිත්‍රපටියක් වගේ එකපාරට පේනවා කියලා.......එහෙනම් හිතවතුනි මේ මගේ අවසානෙ වෙන්න ඕන.......කම්පැනියෙ ලොක්කා අර මහ සෙනඟක් ඉස්සරහ අර විදිහට කෑගැහනවද පින්වතුනි..........ඔයාලා දැකලා තියනවද එහෙම වෙනවා කවදාවත්.....නෑනේ.......නෑ.....මාත් දැකලා නෑ.....හෙට ඉඳන් මට රස්සාවට එන්න එපා කියයිද.......එහෙම උනොත් ඉතින් මට වෙන්නෙ මේ පාරේ යන වාහනේකට පනින්න තමා.....ඒත් ඉතින් මං කිසි වැරැද්දක් කරලා නෑනේ........

හිතාදර / HithadaraWhere stories live. Discover now