2.නාකි ලොක්කා

2.5K 290 115
                                        

මීක් නෑ......එකෙක්වත් මීක් සද්දයක් නෑ........ඇයි ඉතින් අර නාකි බොසා කෑගැහුවනේ ආපු තැනම........කට්ටිය ඉන්නෙ තුස්නිම්බූත වෙලා වගේ.......කන්න ගෙනාපුවත් හරි ඉක්මනට බෙදාගත්තා........මං ඉතින් හෙමින් සැරේ ඒ ලොක්කගේ රූම් එකටත් ගිහින් කෑම පිඟාන තියල ආවා අනිත් අතට දුවලා........ඔතන විනාඩියක් පරක්කු උනත් කවුද දන්නෙ ආයි වෙනම මටත් බැනුම් අහගන්න වෙයිද කියලා.......

අපේ ඩිපාට්මන්ට් එකේ ඉන්නේ හරි ජොලියෙ ඉන්න කට්ටිය...කොයිවෙලෙත් කතා කර කර වැඩත් කරන ගමන් හරි නිදහසේ ඉන්නෙ......එහෙම තැනකට මෙහෙම යකෙක් ආවා කියන්නෙම ඉතින් අභාග්‍ය තමයි.......මංනම් ඉතින් මට කියන කියන වැඩේ කරන් ඉන්න මනුස්සයනේ......ඒ නිසා ඉතින් මට ලොකුවට අවුලක් නෑ.....කොහොමත් මාත් එක්ක කාටවත් කතා කරන්න වෙලාවකුත් නෑ.....

එවෙලෙ මං උන්නෙ අද ගෙනියන්න තියන ලියුම් ටික හදන ගමන්...එව්වා හදලා පහලට මල්ලෙ දාගෙන අරන් යන්න ඕන අපි.......ඒ වැඩේට පැයක් දෙකක්වත් යනවා හැමදාම....කුරියර් එක එන්නෙ හවස දෙකට විතර....ඊට පැයකටවත් කලින් ලියුම් ගිහින් පහලට දෙන්න ඕන...

" පාරමී ලොක්කා කතා කලා!"

"හහ්!"

"හහ් හ නෙමේ බං ඉක්මනට පලයන් ලොක්කා කතා කරනවා..."

ඒ පාර මොන මරාලයක්ද දන්නෙ නෑ....අනේ මට බෑ......බෑ........අනේ මරන්න ගෙනියන හරකෙක්ටත් මේ වගේම හිතෙනවා ඇති.......ඇත්තමයි මගේ සර්වාංගෙම දුම් දානවා වගේ.....මං ගිහින් අර අපායේ දොරට තට්ටු කරල උන්නා යම රජ්ජුරුවෝ එන්න කියනකම්.......වෙලාවට මේ පාරමීගේ ගොබ්බ මොලේට එහෙම දෙයක්වත් මතක් උනේ.....නැත්තම් ගාල කඩාගත්තු හරකා ගානට මං දොරත් කඩන් ඕක අස්සෙ......

" කමීන්..."

"සර් මට එන්න කිව්වද......."

"අහ් ඔව්.......ඔයා නේද මේ ඔෆිස් එකේ පියන්.....?"

"ඔව් සර්"

"නම මොකක්ද ?"

"පාරමී සර්"

"පාරමී සර් විතරද නමට තියෙන්නෙ අප්පෙක් නැද්ද..."

"නෑ සර්!"

"මොකක්?"

"අහ් තාත්තා නෑ සර් මගේ....."

"අයිසෙ වාසගමත් එක්ක නම කියනවා"

හිතාදර / HithadaraWhere stories live. Discover now