1.හිඟන පැටියා

4.1K 342 132
                                        

"මේ ක්‍රීම් ටිකක්වත් ගාලා සුදු වෙයන්කෝ බං....මොන රෙද්දක්ද...උබට කතා කරන එක මගුලක්වත් හරියන්නෙ නෑ...බලපන් උබේ හැටි...පිට්ටු බම්බුවක් වගේ......අලියෙක් වගේ තෝ......තොට එක කෙල්ලෙක් කැමති වෙයිද ඔහොම ගිහින්....බලපන් කැත......."

හිතවතුනි විශ්වාස කරන්න මේ උදේ පාන්දර මේ තරම් ආදරෙන් මට මේ අවවාද දෙන්නෙ මගේ අම්මා.....මට ඕවා හුරු පුරුදුයි.....මාව දකින දකින සැරේට මං කැතයි කළුයි මහතයි කියන්න බලාගෙනමයි ඉන්නෙ අපෙ අම්මා........මොනා කරන්නද......මං ඉතින් පන යනකම් ඔපිස් එකේ මැරිලා මැරිලා ඇවිත් පොඩි පොඩි ව්‍යායාම ටිකකුත් කරනවා.....කෑමත් ඉතින් දවල් වේල විතරයි.......ඇයි ඉතින් ගෙදරින් කන කෑම කටටත් මං නොසෑහෙන දේවල් අහගන්නවානේ...ඔය දැන් උනත් මට දවල් බත් එක බඳින ගමන්නේ ඔය බනින්නෙ.........මං මහත නෑ........උසේ ගානට ඉන්නවා......ඒත් අනේ මන්දා මාව අපෙ අම්මට මහතටමයි පේන්නේ........මොනා කරන්නද.......හැමදාම ඉතින් ඔය ඩිංග අහන් ඉන්නවා මං.........කැතයි කියලා මැරෙන්නයැ.....

මං පාරමී මනතුංග.........අවුරුදු විසි හතක කොල්ලෙක්.........හැමෝම දන්න අඳුනන ලොකු ඔපීසියක පියන් රස්සාව තමයි මං කරන්නේ.......මොනා කරන්නද.......ඉගනගත්තු පලියටම රස්සාවල් ලැබෙන්නෙත් නෑනේ.......ලොකුවට සල්ලි භාගෙ තියන පවුලක කොල්ලෙක් නෙමේ මං.....මට ඉන්නෙත් අම්මා විතරයි......තාත්තා පොඩි කාලෙම මැරුනේ පපුවෙ අමාරුවකින්.........සහෝදරයොම දෙන්නෙක් ඉන්න පවුලෙ ලොකු එකා මං.......අම්මත් දැන් රස්සාවක් නොකරන නිසා බොහොම අමාරුවෙන් මගෙ පඩියෙන් තමයි ඉතින් ජීවිතේ ගෙනියන්නෙ..........රුපියල් හතලිස්දාහ කියන්නේ මොන පඩියක්ද.........ඒත් ඉතින් ඊට එහා හම්බ කරන්න අමාරුයි මේ රස්සාවෙ......පඩිය වගේ පස් හය ගුනයක් වැඩ කලත් ඉතින් එච්චර තමා.........

" කට පියාගෙන කෑම ටික බෙදලා දෙනවනම් දෙන්න....ඒමත් බැරිනම් මට දවල්ට කෑමත් ඕන නෑ......"

"ඔව් ඔව්.......නොකා හිටියා කියලා උබ ලස්සන වෙලා කෙට්ටු වෙලා කෙල්ලො අහු වෙනවනේ........මූසලකම......උබල ඉතින් උදේම අම්මටත් කෑගහලා ගියාම හරියයි ඉතින්........"

" අම්මනේ අම්මෙ කෑගහන්නෙ.....මමද....මමද......"

" ඉඳා.....අරන් පලයන්........දොරත් වහන් පලයන්.........ආ.......එනකොට සම්බා හාල් කිලෝ පහක් ගෙනෙන්........ඕන් මං නොකිව්වා කියන්න එපා......."

හිතාදර / HithadaraWhere stories live. Discover now