"මොක්-"
"කතා කර කර ඉන්න වෙලා නෑ සගෝ උඹ පුළුවන් ඉක්මනට පල්ලෙහා ground එකට වරෙන්...!! ඉක්මනට මචං...!!"
"ඒ බං කවුද--"
කට් කළා නේද...?? නෙත්සර ඒ කිව්වත් එක්ක ම මං ඇඳන් හිටිය Tank top එක පිටින් ම මගෙ කවසාකිය දෙපාරක් විතර රේස් කරල full face හෙල්මට් එකත් දාන් 200 ට විතර පෑගුවා...!!
සිරවට ම මොකක් ද දන්නෑ වෙලා තියෙන්නේ...?? අර බල්ලා හරි විස්තරයක් කිව්වෙත් නෑ නෙ...!!
මහ වෙලාවක් ගියේ නෑ විනාඩි පහකින් විතර මං ground එකේ...!! Bike එකේ සද්දෙ ඇහිලා ද කොහෙද හිටපු ඔක්කොම වගේ මං දිහා බැලුවා... පස්සෙ මං යතුරත් ඇදල Trouser සාක්කුවට දා ගන්න ගමන් helmet එක ගලවන්නෙත් නැතුව ground එක ඇතුලට ගියා... මං යනකොට එතන හිටිය සෙනග... මං හිතන්නේ ඉස්කෝල දෙකෙන් ම 20 ක් විතර ඉන්න ඇති...!! ඒ අස්සෙ මෙතන ලයිට් එකක්වත් නෑනේ රෙද්ද...!!
ඒ හින්ද මං phone එක එළියට අරන් flasher එක On කර ගත්තා...!!
"ආ~~ උඹ විතරයි මෙතන අඩු පාඩුවකට කියල හිටියේ...!! ඒකත් හරි එහෙනම්...!!"
කොහොමත් මගෙ හෙල්මට් එකයි, bike එකේ සද්දෙයි, රේස් කරන type එකයි නුහුරු කෙනෙක් මේ පළාතට ම නැති තරම්...
ඉන්න...!! ම*** Cricket කැපා...?? යෙශික අයියා...?? ඒත් ඌ මොකක්ද මේ... අනික ශනුක් අයියා මොකද මේ කාගෙවත්... මොන රෙද්දක් ද මේ වෙන්නෙ...??
ඒ වෙනකොටත් මුං මරාගෙන ද කොහෙද පස් හය දෙනෙක්ගෙ ම වගේ shirts වල ලේ පැල්ලම්...!!
මට කිසි දෙයක් හරියට පැහැදිලි වුණෙ නැති හින්ද මං ටික වෙලාවක් ශනුක් අයියා දිහා බලන් හිටියා... එයා... මොකක්ද මගෙන් හංගන්න හදන්නේ...?? මොකද මං direct බැලුව ම එයා ලේ වලින් ම තෙමිලා තිබුණ shirt එකේ අතත් අනිත් අතින් අල්ලන් බිම බලා ගත්තා...!!
ඒක දැක්ක ම මට... මට අරූව මරලා කන්න තරම් කේන්තියක් ආවෙ...!! ආපු කේන්තියට ම මං මගෙ අත් දෙක ම තද කරල ගුලි කර ගත්ත...!! මොන හයියකින් ද ඌ අපේ හෙඩාට මේ වගේ අජූත වැඩක් කළේ...!!
මං කෙළින් ම හැරුණේ යෙශික දිහාවට...!! ඌ එවෙලෙ හිටියේ උගේ යමහා එකට හේත්තු වෙලා උගේ අමුතුවට මං දිහා බලන් උගේ තොල් දිගේ දබරැඟිල්ල යවන ගමන් ම හිනා වෙන ගමන්...!!
![LOST IN BATTLE [ONGOING]](https://img.wattpad.com/cover/404151191-64-k505135.jpg)