Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
හවස හයට වගේ ඇති..
අහස දම් පාටයි...
කුරුල්ලො අහසෙ පිරිලා..
ඒත්
මං හිටියෙ ඉස්කෝලෙ ග්රවුන්ඩ් එකේ ඉදගෙන,
මාර ගහකට හේත්තුවක් දාගෙන,
හෙඩ්ෆෝන් දෙක කනේ ගහගෙන...
🎶
ඈත දුර කාලෙන් එහා
දෑස බොඳ කරනා කතා
තාම ඉඳහිට කියවමි මෙමා
හීන වන් මතකේ පුරා
පාරවයි හිත රෑ දිවා
තාම මේ හිත අවතැන් වෙලා
දෑසම රිදවා මා
ආ දුරත් මැකිලා
මේ හිත තවමත් හිඳී බලා
ලැබුණෝතින් වරම්
ආයෙත් හැරෙනු නම්
ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා
මොහොතක් හෝ තවත්
අප හට දුන්නා නම්
තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා...
🎶
"ශානු නැගිටපන්"
ලස්සන සිංදුවක් අහගෙන මනෝපාරක් ගහගෙන හිටපු මගේ දැහැන බිංදෙ කවුද කියලද බැලුවෙ? මගේ අතිජාත මිත්ර රත්නය අංක 1, තිසල්. තිසල් මං එක්ක ඉන්නෙ ඉස්කෝලෙ හය වසරෙ ඉදන්. පොඩි කාලෙ මොණරාගල ඉස්කෝලෙ ගිහින්, පහ වසර විභාගෙ පාස් වෙලා නුවර ආපු කොල්ලෙක්. දුර පලාතක නිසා අහිංසකයි දුප්පත් කියලද හිතුවෙ? අනේ නෑ මූ යකෙක්. ඒ වගේම මුගෙ තාත්තා මොණරාගල හොද සල්ලිකාරයෙක්. ඒ දවස්වල ලංකාවට ගෙනාව පලවෙනි අවුට්ලෑන්ඩර් ජීප් එක ගෙනත් තියෙන්නෙත් මුගෙ තාත්තා. දැන් නම් පදින්නෙ රේන්ජ් රෝවර් එකක්. කේන්තිය පැත්තකින් තිබ්බත් මූ පෙනුමෙන් උනත් පොඩ්ඩක් යකෙක් වගේ. තිසා හිනා වෙන්නෙ නෑ. හිනා උනත් වෙන්නෙ අපෙ සෙට් එකේ එවුන් එක්ක විතරයි. ඒකෙනුත් උගෙ කේන්තිය ඉවසන් ඉන්නෙත් මං විතරයි. තිසා මං වගේ ක්රිකට් ගැහුවෙ නෑ. ඒ උනාට ඌ රගර් ගැහුවා. රගර් ගහන නිසාම තිසල්, ඇග කට් උන, උස කොල්ලෙක් උනා. උපතින්ම ගෙනාව මෙලනින් හම ස්පොර්ට්ස් නිසාම තවත් තලෙලු වෙලා තිබ්බා. අනික ඌ තමා ඉස්කෝලෙ වයිස් ගෙම් කැපා. ඌ තමා හරි නම් ගේම්ස් කැප්ටන්. ඒත් ඌ වයිස් ඉල්ලගත්තෙ උට නිදහසේ රගර් ගහන්න ඕන නිසා. රගර් ගහන වෙලාවට නම් තිසල් කියන්නෙ තනි යකෙක්. ඒත් කොච්චර තරහා ගියත් තිසල් කියන්නෙ මගෙ ජීවිතේට හම්බුන හොදම යාලුවෙක්. උගෙ වැඩ නිසාම ගොඩක් වෙලාවට ඌ පන්තියේ නෑ. හැබැයි ඌ පංතියේ හිටපු එක දවසක්වත් මං හිස් බඩ ඉදලත් නෑ. ඌ පංතියෙ නැති දවසට මාව ඉස්කෝලෙ කොහෙ දැක්කත් අහන්නෙ කෑවද කියලා, අනික ඌ කෑවත් නොකෑවත් උගෙ බෑග් එකේ කෑම පෙට්ටි දෙකක් තිබ්බා. හවසට ඌ ගෙදර යද්දි එක කෑම පෙට්ටියක් හිස් වෙලා තිබ්බෙ නැත්නම් ඌ මාත් එක්ක සතියක් කතා කරන්නෙ නෑ...
BẠN ĐANG ĐỌC
Fated in Secret
Lãng mạn"මං ආදරෙයි පැංචෝ... එදත්, අදත්, හෙටත් ඔයා මගේ චූටි පැංචාම තමා..." - සෑම් වික්රමසිංහ "සුදු අයියේ... ඔයා... ඔයා... මේ ඇත්තමද?" - ශානු ජයතිස්ස "මගේ පැංචාට මාව විශ්වාස නැද්ද ඉතින්? ඔයාගෙ සුදු අයියාව විශ්වාස නෑ.. ම්ම්ම්???" ...
