Back On The Game ‼️

Start from the beginning
                                        

" ඒක තමා උගෙ ඔච්චර ගෑස්..."

ධීර් සිගරට් එකක් තොල් අතර රදවගන පත්තු කරගන්නත්තෙ VK දිහා බලාගන...

" ඌ එක්ක නම් පැටලෙන්න එපා ධීර්...ඒක එච්චර හොද දෙයක් නෙවෙ "

" ඇයි බයේද ? "

" මතකද කෙල්ල ෆීල්ඩ් එකට බැස්ස හැටි ? "

" අර වැල්ලට මිනියක් ගොඩ ගහපු සීන් එකනෙ "

ධීර් ගානකට නොගෙන උත්තර දෙනකොට හෙක්ටර් ඔලුව වැනුවෙ අමුතු ජාතියෙ උඩගුකමක් ඇස් අතර රදවගන...

" එතකොට කෙල්ලට 18යි...ඇයි දන්නවද ඌව මැරුවෙ ? "

හෙක්ටර් කෙල්ල දිහායි VK දිහායි බලාගන අහනකොට හැම එකාම උන් දෙන්නා දිහාවට ඇස් කැරකුවා...ඒ වෙනකොට කෙල්ල සිගරට් එකකට වග කියන ගමන් VK එක්ක බර කතාවක...

" බීපු වෙලාවක වලියක් ගිහින් මිනිහෙක් VK ගෙ අත කැඩෙන්න පොල්ලකින් ගහලා...කැඩිච්ච අතේ පලිය ගන්න කෙල්ල ඌව කෑලි කපලා මරලා පොහොර උරේකට දාලා මුහුදට අතෑරලා..."

හෙක්ටර්ගෙ කතාවට කට්ටිය ඔක්කොම කෙල්ල දිහායි හෙක්ටර් දිහායි VK දිහායි මාරුවෙන් මාරුවට බැලුවෙ අදහගන්න බැරි පුදුමෙකින්...

" ඒක එකිගෙ පලවෙනි murder එක නේද ? "

" ම්ම්ම්...ඔව්...හිතපන් කෙල්ලට ඌව වටින තරම...උන් දෙන්නා එකතු උනාම මාරයාටත් අන්තයි ධීර්...ලේසියෙන් හිතන්න එපා...පිට පොත්තෙ ලස්සන ඒකිගෙ හිතේ නැ...මිනී කන බැල්ලියෙක් "

කියන්න ඕනි දේ කියලා හෙක්ටර් පුටුවෙන් නැගිටලා කැබින් එකෙන් එලියට ගියාම ධීර් කැබින් එකෙන් දුරට ඇදෙන හෙක්ටර් දිහා ඇසිපිය නොහෙලා බලාගන හිටියා...

වටේ පිටේ හිටිය අනිත් උන්ගෙ මූන දෙක කරවන්න තප්පරයක් ප්‍රමානවත් වෙනකොට ධීර් කට කොනේ හිනාවක් දාගන පුටුවට බර දීලා කෙල්ල දිහාවට ඇස් කැරකුවෙ මනමාල පාට බැල්මකින් ඒ රූපෙ හොදට ස්කෑන් කරන පෙනුමකින්...

" උබට පිස්සුද ධීර් ? "

මෙච්චර දේවල් දැනගනත් අනිත් උන් confuse unga bunga වෙලා ඉද්දි කොල්ලගෙ හැසිරීම උන්මත්තකයෙක් ගානට වෙනකොට ලග හිටපු හුසේන් ප්‍රශ්නෙ ඉදිරිපත් කරා...

" බලපන් හුසේන් ඒකි දිහා...පට්ට චරිතයක්..."

" උබ ලංකාවට ආවෙ ඒකිගෙ ගුන ගායනා ලියන්නද ? "

හුසේන් කේන්තියෙන් කියනකොට ධීර් පුටුවට බර දුන්නෙ නලලට වැටුනු කෙස් ටික අතින් උඩට කරගන්න ගමන්...ඒත් ඒ ඇස් වල බැල්ම නම් තාමත් කෙල්ල ලග නැවතිලා තිබුනු විදිහටම...

" මරාගන්න කියලා ආවට මොකද ඒකි මගෙ බොක්ක රත් කරන එකනෙ අවුල..."

ධීර් ගානකට නොගෙන කියනකොට කොල්ලො ටික තක් බීරි වෙලා ඌ දිහා බැලුවෙ හෙන හත අටක් ඔලුවට වැදුනු පෙනුමකින්...

" පිස්සුද හුත්තො ? තෝ ආවෙ පවුල් කන්නද ? "

" මටත් කියලා දරු පවුලක් හිටියොත් නරකද ? "

" වේසිගෙ පුතො...තෝ මොනවද ඔය කියවන්නෙ...හරි ඒක පැත්තකින් දාමුකො...අරකා ඒකිගෙ මිනිහද කවුද දන්නෙ...ඇහුන් නැද්ද හෙක්ටර් කියපු කතා "

හුසේන් පිස්සෙක් වගේ බෙරිහන් දෙනකොට ධීර් ඉදගන හිටිය පුටුවෙන් නැගිට්ට පාර පුටුව පිටිපස්සට විසි උනේ හුසේන්ගෙ විතරක් නෙවේ කැබින් එකේ හිටිය හැම එකාගෙම මූනවත් දෙක කරවලා...

හැරුනු තැපෑලටම හුසේන්ගෙ බෙල්ල ධීර්ගෙ දරදඩු අතකට හිර උනාම හුසේන් එ පුපුරු ගහන ඇස් දිහා බලාගන හිටියෙ මාරයා දැක්ක පෙනුමෙන්...

" ඒ පොන්නයා අරකිගෙ කසාද මිනිහා උනත් මට වැඩක් නැ හුත්තො...දැන් ඉදන් ඒකි මගෙ...මේ ධීර්ගෙ "

_________________________________________

Coming soon - " Miss Vixen " ‼️ ( The new face of " the Underworld " story )

🔥 December 01 🔥

‼️ සැ.යු. > ප්‍රේමය මෙන්ම රාගයද ටොන් 
                   ගනනින් අන්තර්ගත බැවින්
                   දැරිය හැක්කන් පමනක්
                   සම්මාදන් වන මෙන්
                   කාරුනිකව ඉල්ලා සිටිමි.

Author's Note ✒️Where stories live. Discover now