එතන හිටියෙ සාමාන්‍ය මනුස්සයෙක්ද නැත්තම් සොම්බියෙක්ද කියලා මට හරියට අදහසක් නැ..
කොහොම උනත් මම දිගටම ඉස්සරහට ගියා..
මම මේ පොඩි නගරේ බිල්ඩින් මැද්දෙන් ගියා..මම මේ වෙනකොට සොම්බි බර ගානකට වෙඩි තියලා ඇති..මේකේ කොහොමද මෙච්චර බුලට් තියෙන්නේ..
ඕක හිත හිත යන්න ගිහින් සොම්බියෙක් මගෙ ඇඟට ආවා..
"ආහ් පලයන් යකෝ.." ඒක නම් දුන්නේ පයින්..ඌව විසි උනා..හොද වැඩේ..
මම බිල්ඩින් මැද්දේ එන උන්ට වෙඩි තිය තිය යනකොට,
"ම්හ්..මේ..මෙහේ.."
අහ් ඒ කවුද කෑගහන්නේ..මම වටපිට බැලුවා..
"මේ උඩ..උඩ බලන්න.."
මම උඩ බැලුවා..
"අහ් විහාන්..?"
"ඔය ඉනිමගෙන් උඩට එන්න..ඉක්මනට.."
එයා එතන තිබ්බ ඉනිමගක් කකුලෙන් ගහලා පහලට දැම්මා..
මම ඉනිමග දිගේ උඩට නගිද්දි විහාන් අයියා ඇවිත් අත දුන්නා...
"Are you okay යශ්.."
"ආහ්...ඔව්..ඔව්..මම හොඳින්.."
විහාන් අයියා මං දිහා බැලුවේ බය වෙලා වගේ..කෝ අපේ අනිත් උන්..දැන් එකක් ශුවර් මට..මම මේ දකින්නේ හීනයක්වත් මනස්ගාතයක්වත් නෙමෙයි..එයත් මේවා දකිනවා..එයාගෙ අතෙත් ගන් එකක් තියනවා..
"මො..මොක්කුද ඒ...හහ්..? කෝ මගේ යාලුවෝ..අයියේ කෝ එයාලා.."
මම අහන්න අහන්න එයා ගානකටවත් ගත්තෙ නැති හින්දා මම අන්තිම හරිය කිව්වෙ ටිකක් හයියෙන්..
"ශ්ශ්..සද්ද කරන්න එපා..උන් එනවා.."
අර සත්තුන්ගෙ අමුතු කෑගැහිල්ල එක්ක උන්ගෙ අඩි සද්ද ඇහෙනවා..
"එයාලා සාමාන්‍ය මිනිස්සු තමයි ඒත්..මොකක් හරි අවුලක් තියනවා.."
"උන් සොම්බිද.."
"ම්ම් ඒ වගේ තමයි..සෑහෙන්න ෆිල්ම් බලනවා වගේ.."
"ම්හ්..මම ෆිල්ම් බලලා නෙමෙයි ගේම් ගහලා දැනගත්තේ.."
මම හිනාවකුත් එක්ක ඒක කිව්වෙ..ඒකට එයා මං දිහා බලලා හිනා උනා..ලාවට..
"පොඩ්ඩක් ඉන්න..ගිය ආත්මෙ කරපු පිනකට මට මෙතනට එන්න පුලුවන් උනේ..ඔයාට ඕනේ ආයෙ පහලට ගිහින් අර සත්තුන්ට අහුවෙන්නද.."
YOU ARE READING
LEVEL:UNKNOWN✔
Mystery / Thrillerගේම් එකක් නිසා මගේ ජීවිතේට ලොකු බලපෑමක් ඇති වුනා..ඒ හොඳ විදිහටද නරක විදිහටද කියලා හරියටම කියන්න මම දන්නෑ..හැබැයි, ගේම්වලටම ඇබ්බැහි වෙලා හිටපු මම ඒවාගෙන් බේරිලා අවසානෙදි ඇබ්බැහි උනේ එයාට..විහාන්ට..නෑ සවිඳුට.. ම්ම්හ්..ඒ ඇස්වලට🥺 ...
