Chapter 02 🍁

79 12 55
                                        

ආහ්හ්... මගෙ ඇඟ රිදෙනවා.. එයිට වඩා ඔලුව කැක්කුන් කරනවා. බඩ අස්සෙත් නිකන් ගිනි මැලයක් පත්තු කරලා වගේ.. එක්කො ඒ මට බඩගිනි වැඩි නිසාවත්ද මන්දා..

මීටර පහ හයක් දිග කෑම මේසෙ පුරාවට බඩ පැලිලා නහයෙන් කටෙන් පනින්න තරමට කන්න පුලුවන් නානාප්‍රකාර කෑම බීම තිබුනත් වීදුරු,හැඳි ගෑරොප්පු වදින සද්දෙට වඩා අප්‍රසන්නව ඇහෙන පම්පෝරි කතා නිසා මට කෑමත් එපා වෙලා ගිහින්.. ඔලුවට දරාගන්න බැරි කොණ්ඩා මෝස්තර ඔලුව උඩ තියාගෙන ඒ තරමටම ඉදිමුනු මොළෙන් ගලන වචන, ආලේපන උලාපු කටවල් වලින් බස බස ගාලා විදින මමාගෙ මහලොකු ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා මට මගේ රෑ කෑමත් එපා කරා එහෙනම්.. අනේ ඇත්තට මේකෙන් මම සතුටු නොවෙන බව එයාලට නොතේරෙන හැටි.. ඔලු උදුම්මගත්තු මිනිස්සු ගොඩක් එක්ක ශැම්පේන් වත් කරනවාට වඩා හිත නිවන මනුස්සයෙක් දෙන්නෙක් එක්ක බිස්කට් එකක් පොඟෝගෙන කන්න මම වැඩි හරියක් කැමතියි කියලා ඇත්තටම ඇයි එයාලට නොතේරෙන්නෙ? මේකෙන් වෙන්නෙ මම සතුටින්ම ඉන්න ඕනා දවස අප්‍රසන්නම විදියට ගෙවෙන එක විතරයි..

"ඉතින් පුතා.. දැන් තිහකුත් ලැබුවා නේද? ඔයාගෙ කඩවසම් බව විතරක් බල බල හිටියා හොඳටම ඇති.. ඉක්මනට අපිට ඔයාගෙ එහාපැත්තෙන් ලස්සන කෙල්ලෙක් එහෙමත් ඉඳගෙන ඉන්නවා බලන්න ඕනී.. හහ්.. හාහ්.. හා..."

හැහ්.. හැහ්.. හෑ... හරිම සිරියාවන්ත හිනාවක් ඒක.. මගේ කෙලින්ම ඉස්සරහ ඉඳගෙන ඉන්න අවුරුදු පනහකට කිට්ටු මේ එන්ගලන්ත සුකුරුත්තමගෙ මූණට මගේ ඉස්සරහ තියන පුඩිමෙන් ගහගන්න බැරි කමට මම කලේ තොල් දෙක පොඩ්ඩක් දෙපැත්තට ඇදලා හිනා වුන එක විතරයි.. එතකොට කැමති උත්තරයක් හිතාගන්නෙ නැතෑ.. අහපු දේට උත්තර නොදී හිනාවෙන්ම පාන් කෑල්ලක් කටේ ඔබාගත්තු මම සුප් එකෙනුත් සද්දෙ ඇහෙන්නම උගුරු දෙක තුනකුත් බිව්වා.. හහ්..! මම එහෙම කලේ මෙතන ඉන්න උන් ඒකට අකමැති නිසාමයි. මම අකමැති ඒවා උන් කරනවා නම් මට මොකද එහෙම දෙයක්වත් කරන්න බැරි? මළ විකාර..

මට ඕනෙ නෑ අද මමාගෙ හොඳ ළමයා වෙන්න.. හොඳ ළමයෙක් විදියට හිටියත් මෙච්චර කාලෙකට ලැබුන ඇති දේකුත් නැති එකේ මම අදට විතරක් කුපාඩි වැඩක් කලාට මොකද.. හහ්.. එන්ගලන්ත පුරවැසියො ගොඩක් මැද අද දොස්තර ටේහ්‍යෝන්, ටේහ්‍යෝන්  ක්‍රමයට සුප් බොන්නයි යන්නෙ.. දුම් දාන වට්ටක්කා සුප්.. අහ්හ් මම හරි ආසයි.. ඔලු ඉදිමිච්ච ගෑණුන්ගෙයි බඩ ඉදිමිච්ව්ච පිරිමින්ගෙයි කියවිල්ල ඇහෙන්නෙ නැති වෙන්නත් එක්ක හිතලා අත් දෙකෙන්ම සුප් බෝල් එක අල්ලගත්තු මම ඇස් දෙක පියාගෙන හොඳ හුස්මක් අරගත්තෙ කෙලින්ම ඒක සුරුස් සුරුස් ගාලා ඇදලා ගන්න හිතාගෙනයි.. ඔව් ඔව්.. මේක මගේ ආසාවක්.. කොහොම බිව්වත් ඉතින් අන්තිමේට මේක මගේ බඩටමනෙ. අනික පිළිවෙලට කාලම මට දැන් ඇතිවෙලා.. මගේ ළිඳ වගේ කටට පුරවලා උගුරු හතරක් බොන්න ඇති. අහ්හ්හ්..... භාජනේම හිස්.. ඒක ඇත්තටම දිව්‍යලෝක හැඟීමක්. කට පිරෙන්නෙම රස කෑමක් කද්දි දැනෙන හැඟීම.., ඒ විතරක් නෙවේ තමන් ආස දේ ගොඩක් අය ඉස්සරහ බය නැතුව කරන එක.. ඔව් ඒක මම මේ තරම් කාලයක් නොවිඳපු දිව්‍යලෝක හැඟීමක්.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 06 ⏰

Add this story to your Library to get notified about new parts!

Everything I Do (TK💚💜️)(onhold)Where stories live. Discover now