05 කොටස

474 38 106
                                    

මට තෙරෙන්නැති එකම දේ තමා ඇයි මටම මෙහෙම වෙන්නේ කියල........... වෛශගේ හැසිරීමත් මම ආව දවසේ ඉදන් බලන් ඉන්නේ හරිම වෙනස් මොකද්ද කියලා හිතා ගන්න බෑ මොකක් හරි දේකට එයා හැම වෙලේම බය වෙනවා ඒ වෙලාවට කාත් එක්කවත් කතා නෑ ඒ කොහොම උනත් ඉස්සර හිටපු දග මල්ල නෙවෙයි ඉන්නේ ආව දවසේ මන් මුලින්ම තේරුම් ගත්තේ වෛශාකය පළිහවඩන කියන තරුණයා හරි නිහඩ හැබැයි තරහා ගිය වෙලාවට යකෙක් වගේ හැසිරෙන චරිතයක් බව ...... මට වගේම එයාටත් හොල්මන් පේනවද දන්නෑ අද වනතුරු එයා මගෙත් එක්ක ඒ ගැන වචනයක් කතා කරේ නෑ මන් අහන්න ගියෙත් නෑ නිකන් අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියලා කෑ ගහන්න ඔනී නැති නිසා .......තව ටික කාලෙකින් ඊට වඩා මදුර ස්වරයකින් උඩ ලීය බලාගෙන කෑ ගහන්න ඔනී නිසා ඉවසන් ඉදපන් ශ්වෝන් හිකිස්......හැමදාම හීනෙන් කවුරු හරි මට කතා කරනවා
මට එයාගේ මුණක්වත් පේන්නෑ අදුරු තැනක් මන් විතරක් තනියෙන් ඉන්න තැනක අඩන සද්දේ

" මොන දේ උනත් මන් මගේ එකාව අත අරින්නෑ ඒ අත අල්ල ගත්තේ මන් අත අරින්න නෙවෙයි සදහටම මගේ කරගන්න ඒත් අද මන් අසරණ වෙලා අද මන් අසරණ වෙලා සුදු ........ ඒකා හරි අහිංසක කොල්ලෙක් අත ඇරපන් උබලගේ මේ කාලකන්නි වැඩ නවත්තපන් හුත්තෝ "

" දෙයියනේ රත්තරං උබ මාව දාලා යනවද මැණික.........මාව පන පිටින් පුච්චපන් කාල කන්නි හැත්ත ....මාවත් උබ ලගට ගනින් සුදු උබ මාව තනිකරලා සදහටම ගියපුහාම හරිද පන වගේ ආදරේ කරපු උබට මගේ මේ පව්කාර ඇස් ඉස්සරහා මාව තනිකරලා යන්න ඔනීද මැණික මට කියපන් යන්න ඔනීද
මාවත් එක්කන් පලයන් මගේ ආධ්‍ය මාවත් එක්කන් පලයන් ......... උබලා ඔක්කොගෙන්ම පලි ගන්නවා පව්කාර හුත්තිගේ පුතාලා තොපේ දරුවෙක් වෙලා මන් උබලගෙන් පලි ගන්නවා......"

ඒ කව්ද කින්ද මන්ද කියන්න දන්නෑ මට තේරුන එකම දේ තමා කිසිම හිතක් පපුවක් නැති තිරිසන්නු ටිකක් හදවත් දෙකක තියන අසීමිත ආදරය නැති කරපු එක විතරයි ........ පණවගේ ආදරේ කරපු කෙනා තමන්ගේ ඇස් මනාපිටිම කර කියා ගන්න දෙයක් නැතුව අසරන වෙලා මැරෙන කොට දැනෙන හැගීම කොච්චරද කියලා හිතාගන්න බෑ... සාමාන්නයෙන් ලොකු කරන්ට් වයර් එකක තිස්තුන්දාහක බලයක් තියනවා වගේ ආදරේට තියන බලය හොයාගන්න තාම කාටවත් බැරි උනා ...... මොනවා ඉවසව්වත් මට ඉවසන්නම බැරි ආදරේ කරන දෙන්නෙක් වෙන් වෙද්දි දැනෙන වේදනාව ..... ඒ වචන කීරකින් පපුවට අනිනවා වගේ .......මට ඇහුන එකම නම තමා "ආධ්‍ය " හරි ලස්සන නමක් හරියට වෛශගේ නම වගේ වෙනස් නමක් ........

කඩවර යක් හෝරාව Where stories live. Discover now