සොහොන් පිල්ලි 13

3K 239 120
                                    

" මල්ලී!..මල්ලී!"

මහිල්ගෙ අක්කා මහිල්ට කතා කරන් පහල පඩිපෙල බැස්සත් සාලේ ඉදන් හිටිය මහිල්ට ඒක නෑසුනේ එයා ඉදිය බර කල්පනාව නිසා.

" මල්ලී!"

"මොකද?!"

" අන්න අත්තම්මා මෙහෙ එනවලු‍!"

"මොකක්??!"

" ඔව් ඔව්.එයා සතියකටලු එන්නේ!.අන්න අප්පච්චී යන්න කිව්වා!'

අක්කා කිව්ව පමාව විතරයි මහිල් උඩ පැනගෙන උඩ තාත්තගෙ කාමරේට දිව්වේ කියාගන්න බැරි සතුටකින්.

" අප්පච්චී!..අත්තම්මා එනවා කිව්වේ ඇත්තමද?!"

ඇදේ හාන්සි වෙලා ඉන්න අප්පච්චී ගාවින් දගහන් අප්පච්චී ගෙ මූන දිහා බලන් මහිල් ඇහුවෙ හරියට පොඩි එකෙක් වගේ.

".ම්ම්.සතියකට එනවා කිව්වා!"

" අයියෝ!! සතියද?!.."

" ඔව්.ඇයි මදිද?"

" මදිනේන්නම්!..කෝම හරි මන් මාසයක් වත් තියාගන්නවා!"

" ඒවා  අත්තම්මයි මුනුබුරයි බලාගන්න.ඒවට මේ අප්පච්චී එහෙම නෑ ඔන්න!"

" අප්පච්චී මහ හොද නෑ!"

මහිල් අප්පච්චීට රවන් එතනින් නැගිටලා ගියේ අප්පච්චී මහිල් දිහා බලන් සැහැල්ලු හිනාවක් දාද්දී.ලොකු වෙලා වයස ගියාට මොකද? මහිල්ගෙ පොඩි පොඩි හුරතල් වැඩ ඕනේ තරම්.

මහිල් දොර ඇරගෙන එලියට බහිද්දිම වගේ දේවාලේ ඇතුලෙන් ආව කෑ ගහන සද්දෙත් එක්ක මහිල්ට ඒ දිහ බැලුනෙ එයාටත් නොදැනිම.

ඒ කෑ ගහන්නේ අල්ල ගත්ත යක්ශනී!..ඒ කෑගිල්ලත් හරිම මූසල වෙද්දි මහිල් ඒ පැත්තට ඇදුනා..

" ආහ් වලව්වේ මහ හානු එලියට ඇවිත් වගෙ!"

" තමුසෙට ඒක වැඩක් නෑනේ?!"

" මොකද නැත්තේ!..මට වැඩක් තියෙනවා!"

"එහෙනම් මට පාඩුවෙ ඉන්න දීලා ඒක කරගන්නවා ගිහින්!"

මහිල් ආරද් දිහා නොබලම දේවාලේ දොර ඇරන් එතනින් ඇතුලට ගියාම ආරද් ගස්සගෙන දේවාලේ ඉස්සරහා කැරකි කැරකි මහිල්ට බැන්නා..

You've reached the end of published parts.

⏰ Last updated: Mar 17 ⏰

Add this story to your Library to get notified about new parts!

| මහසෝන් පිල්ලි ! |  👹️ YIZHANWhere stories live. Discover now