" ඒ පාර කව්ද?"
" කවුරු උනත් තමුසේ එන්නෙපා!"
ආරද්ට තර්ජනේ කරගෙනම මහිල් ඉස්සරහා දොරෙන් එලියට බැස්සේ මිදුලෙ ඇවිල්ලා නතර කරපු වාහනේ බලන්න..
ගෑණු කෙනෙක් එක්ක පිරිමියෙක් ඒ වාහනෙන් බැහැගෙන එද්දී මහිල් වැලි පොලොවෙ තියපු අඩිය එහෙම්ම නවත්ත ගත්තා.මහිල්ට දැනෙනවා එයාලා එන්නේ හොදකට නෙවෙයි වගත් මීට පෙර කරලා තියෙන වැඩත් හොද ඒවා නොවන වගත්.ඒ නිසාමයි මහිල් එතනම නැවතුනේ..
" මොකක්ද කාරණාව?"
" මෙහෙ ගුරුන්නාන්සේ ?"
ඒ ගෑනු කෙනා කතා කරේ මහිල්ගෙන් එහා වටපිට බලන ගමන්.ඒකේ තේරුමම මෙතන තියෙන දේවාලේ මහිල්ගේ කියලාවත් නොදැන ආව බවක් නෙවෙයිද?
" මම තමයි.මොකක්ද කාරණාව!"
මහිල් එතන ගුරුන්නාන්සේ තමන් වග කිව්ව පමාවට ඒ දෙන්නගෙන ඇස් උඩ ගියෙ මේ තරම් ලස්සන තරුනයෙක් ගුරුකම් වැඩ කරනවා මීට පෙර දැකලා නැති පාටින්
"මේ-"
" කලින් වතාවේ කරපු දෙයක් හරියට නොවුනු නිසා නෙවෙයිද මාව හොයන් ආවේ?"
"ආහ්-"
" ඇහුනෙ නැද්ද ?."
"ඔ-ඔව්.ඇහුනා.ඒ නිසා තමයි ආවේ!"
" කාලී මෑණියන්ගෙන් මිනී මරන වැඩ කරන එකෙක් වගේද උබලට මාව පේන්නේ!"
කටට උත්තරේ දීලම ප්රශ්නෙ අහපු නිසා ඒ ආව දෙන්නා එහෙම්ම කට වහගත්තා.මහිල් ටිකක් ඒක කිව්වෙත් උඩු ස්වරයකින් නිසා ඒක ටිකක් බයහිතෙන කඩහඩක්.
" එහෙම නෙවෙයි ගුරුන්නාන්සේ ! වෙන මොකක්ම හරි විදිහක්-"
" නෑ!..මන් එහෙම දේවල් කරන කෙනෙක් නෙවෙයි!.ඒ නිසා ආපු අතක් බලාගෙන ආපහු ගියා නම් හොදයි!"
" ඒ-ඒත් ගුරුන්නාන්සේ !"
" කිව්වනේ.හරි වැරැද්ද උඩ ඉදන් කෙනෙක් බලන් ඉන්නවා.ඒක එතනදි තීරනේ වෙයි.වැරැද්දක් වහන් නෙවෙයිද දඩුවමක් උබලා ඔය දෙන්න යන්නේ!"
මහිල් ඒ දෙන්නගෙ හිතෙ තියෙන එක හරියටම කිව්වම එතන වැඩි අපහසුතාවට පත් උනෙ ආව දෙන්න මිසක් මහිල් නෙවෙයි.ඒ නිසාම මහිල් උන් දෙන්නගෙම මූනු දිහා බලන් ඉදලා එතනින් යන්න ආපස්සට හැරුනා.ගේ ඇතුල දිහාට එද්දිම වගෙ ආරද් මූන දෙක කරන් දොරෙන් එලියට වෙලා ඉන්නවා බල බල ම මහිල් සාලේ ඇතුලට ආවා.

YOU ARE READING
| මහසෝන් පිල්ලි ! | 👹️ YIZHAN
Horrorවිනාශයක් කරන්න යවපු පිල්ලියක් , මිනිහෙක් එක්ක ආදරෙන් වෙලුනු හැටියක්! Cover credits @Zoe_Vantae 💗👹️