සොහොන් පිල්ලී 11

2.6K 264 152
                                    

" අයියෝ මහීල්!!"

" ඒ පාර මොකද?!"

බාතෲම් එක අස්සේ මහිල්ගෙ හඬ දැන් දැන් රැව් පිලි රැව් දෙනවා.

" මේ තෙල් මට ගාන්න බෑනේ.අල්ලන්න බෑ‍!"

ඇත්තනෙ ආරද් දේවල් අල්ලන්න කරන්න බෑ ඒ නිසාම ඉතින් මතුරලා ගෙනාපු තෙල් ටික වත් ගාගන්න එයාට පුලුවන් කමක් නෑ.

" ගෙනාපු එක වත් ගාගන්න බැරීද ?!..ඔහොම ඉන්නවා මම එනකම්!"

" මන් මනුස්සයෙක් නෙවෙයි නිසා මට අල්ලන්න බෑ කියලා තමුසෙගෙ ගොන් මොලේට තේරෙන්නෙ නැද්ද?!"

" ආරද් කට වහගන්නවා!"

" ඇයි මොකද ? මන් තමුන්ට බය නෑ!"

" ආවොත් කට කඩනවා!"

මහිල් කියන්නේ හොස්ස ලගින් මැස්සෙක් වත් යන්න බැරි මනුස්සයෙක්.තියෙන්නෙම මූලග්ගින්න.ඒකට හේතුවක් විදිහට කිව්වොත් මහිල්ට ඉන්නේ සොහොන් කාලී මෑණියෝ නිසා.මොකද සොහොන් කාලී මැණියොත් ඉක්මනින්ම කෝපාරූඨ වෙනවා.

" තමුසෙ මොකද ඔය ඇද උඩ කරන්නේ?බහිනවා!"

" මේකට කියන්නේ ඇ-ද කියලද?!"

" ඔව්.ඒක වත් නොදන්නේ හද්ද දොටේ ඉදලද තමුසෙ මැරුනේ?!"

" මැරුනෙ?.මන් මැරුනෙ නෑ!"

" එහෙනම් සොවාන් උනාද ?!"

" නෑ..කෙනෙක් මාව මැව්වා!"

ඒක ඇහුවා විතරයි මහිල් තෙල් ගාන එකත් නැවැත්තුවා.

" ඒ කිව්වේ මොකක්ද?!"

".දන්නෑ.එහෙම තමයි මගෙ මතකේ තියෙන්නේ!"

ඇත්තටම ආරද්ව කෙනෙක්ව මැව්ව නිසයි එයාගෙ මතකේ ඒ වගෙ දෙයක් තියෙන්නේ කියන එක තේරුම් ගන්න එක මහිල්ට එච්චර ලොකු දෙයක් නම් නෙවෙයි.මොකද එයා මැරුන කෙනෙක් නම අනිවාරෙන්ම එයාගෙ මතෙකේ ඒවගෙ දෙයක් විතරයි තියෙන්න ඕනේ.

" අයියෝ මහීල්.ඔන්න ඕක ගානවා මගෙ කකුලේ!"

මහිල් වෙනම කල්පනා ලෝකෙක ඉන්න එක බලන් ඉන්න බැරුම් ආරද් මහිල්ට කෑ ගැහුවම මහිල් ආයෙම තෙල් ගාන්න ගත්තා.ඒ මොනවා උනත් දැන් මහිල්ගෙ ඔලුවෙ තියෙන්නේ ආරද් ඒ කිව්ව දේ විතරමයි.

| මහසෝන් පිල්ලි ! |  👹️ YIZHANWhere stories live. Discover now