දේවාලෙක සීනූ හඬක්! ඒ අස්සෙන්ම මතුවෙලා කැරකෙන මහ හුළගක්!..කුඹුක් ගස් වල , උණ ගස් වල කොළ හුළගෙ යන ගමන් මහ සුළි කුනාටුවක් ඇතිවෙලා මුලු පරිසරයම අදුරු වෙලා ගිහින් තිබුනා..
ඒත් දේවාලෙක නෙවෙයි මේ සිදුවීම සිද්ද වෙන්නේ.මේක වෙන්නේ කදු වැටියක.රිටිගල කන්ද මුදුනේ තියෙන තනි තලා ගල් තලාවක.
රජ ඇදුමෙන් සැරසුනු එක පුද්ගලයෙක් කඩුවක් අතෙ තියන් වෛරය විතරක්ම විහිදෙන රතුපාට ඇස් වලින් ඉස්සරහින් ඉන්න ප්රතිවිරුද්ධවාදිහා දිහා බලන් ඉදියා.ඒ වගේමයි ඔහුට නොදෙවෙනි වෛරය පිරුනු කළු පාට ඇස් දෙකකින් තමන්ගෙ ප්‍රතිවාදියා දිහා ඔහුන් බලන් හිටියා.
දෙදෙනාගෙම ඇගේ සිද්ද උනු තුවාල පාරවල් ,නලල දෙපැත්තෙන් ගලන ඒ රත්තවර්ණ ලේ බිංදු වලින් කියාපාන්නේ මෙතන මාරාන්තික සටනක් සිද්ද වෙලා තියෙන බව.
තියෙනවද ඒකට හේතුවක්?!.
" ඇය නුබෙ බිරිද බව මා නොදන්න කරුනක් නොවෙයි!"
" එසේ දැන දැනම නුඹ කෙසේද මගෙ බිරිදත් සමඟ ප්‍රේම සබධතාවක් පවත්වන්න සිතුවෙ වත්!!"
" වරදක් සිදු වී ඇති නමුත්, සිතේ ඇති වූ ප්‍රේමය කිසිදා මුලාවක් නොවන වග නුඹට වඩා සෝනු දන්නා බව මා හොදින් දන්නවා!"
ඒ කියලා බැලුවෙ එහා පැත්තෙන් හිටගෙන ඉන්න ඒ දේවතාවක් මෙන් සුන්දර කාන්තාව දිහා..
" සෝනූ!! නුඹ කියා සිටින්නේ මාගේ ආලයට වඩා නුඹට මේ ජයසේනගෙ ප්‍රේමය ඉස්තරම් බවද?!"
සෝනු එහෙමත් නැත්තම් ගෝඨයිබරගේ ප්රියභිකාව සමඟ රහසේම හොර ඇසුරක් පවත්වාගෙන ගිය ජයසේන ඔහුගෙ සිතේ ඇතිව තිබෙන ප්‍රේමය ගැන මෙලෙස කියා පෑවත් එය සත්‍යක් ද අසත්‍යක්ද බව සනාත කරලන්න පුලුවන් සෝනූට විතරයි.
ඒ නිසාමයි ගෝඨයිභර සෝනුගෙන් ඒ ගැන අහන්න ඒ පැත්තට හැරුනෙ.
" ඔව්!..නුඹේ රව්ද්‍ර ප්‍රේමයට වඩා ඔහුගේ ප්‍රේමය මා නිවාලනවා!"
සෝනූගෙ ඒ වචන පේලියෙන් රිදුනේ ගෝඨයිම්භර ට.ඒ වචන ගියෙ කන් දෙකට නෙවෙයි කෙලින්ම පපු කුහරයක වෙද්දී දැනෙන වේදනාව වෛරයකට පෙරලන් ගෝඨයිභර පැන්නේ ජයසේනගේ ඇගට..

YOU ARE READING
| මහසෝන් පිල්ලි ! | 👹️ YIZHAN
Horrorවිනාශයක් කරන්න යවපු පිල්ලියක් , මිනිහෙක් එක්ක ආදරෙන් වෙලුනු හැටියක්! Cover credits @Zoe_Vantae 💗👹️