මහිල් තදටම නැගගෙන ආව ගමන් දඩාන් ගාලා දොර වහගෙන ගේ ඇතුලට ගියාම ඒක දොරට එහා පැත්තේ ඉදන් හක්කට අත තියන් බලන් ඉන්න ආරද්ව පොලොවන් උඩ යවන්න අති සාර්ථක අන්දමින් සමත් උනා..
" පුදුම ඝනකමක් මේකගේ තියෙන්නේ!"
ලග තිබුනු ගල් කැටයකටත් පයෙන් පාරක් ගහගෙන ආදර් එතනින් යන්න ගියා හැබැයි ඉතින් පයෙන් ගහපු ගලක් නම් නෑ.ඒක එතනම තමයි..
මහිල්ට හිතින් ගහන්න බැරි කමට ආරද් ගේට්ටුවෙන් එලියට බැස්සේ මොනා හරි කන්න හොයාගන්න අරමුනින්..මහිල්ලගෙ ගෙදරට එන පාරේ මීටර් 250 ක විතර දුරින් තියෙන්නේ ලොකු සොහොන් කනත්තක්..ආරද් ගිහින් ගිහින් නැවතුනෙ ඔතන.ඕක ඉතින් අමුතු දෙයක්ද ? සුපුරුදු වාසස්ථානේ නේ..
සොහොන් කනත්තේ ඇතුලට ටිකක් යද්දී ආරද් දැක්කේ අලුතින් වල දැන්ම මිනියක වලක් හාරන් යක්කු ටික පාර්ටියක් දාන්න ලෑස්ති වෙන හැටි.
" ඊයා..කොහොම මුන් මේව කනවද මන්දා මල ජරාව!"
මූනත් එක්ක අප්පිරියාවට හරවන් ආදර් ඔතනින් යන්න ගියාම නහයට රස නහර පුබුදන් යන සුවඳක් එනවා එක්කම කොන්ක්රීට් පාර ඉස්සරහෙන් ලයිට් එලියක් එක්ක කතා සද්දයකුත් ආරද්ගෙ කන් දෙකට වැටුනා..
"මේ.මොක්කුද මේ?!"
ආරද් අවකාශේ පාවෙලා ගිහින් අර කොල්ලො දෙන්නගෙ පිටුපස්සරහෙන් හිටගත්තා.
" ඒ ඒ ඕයී! අද නේද උඩහ ගෙදර අර පිස්සු ආච්චී වල දැම්මේ!"
" ඔව්.ඔව්! ඉක්මනින් වරෙන් යන්න!"
" වරෙන් යන්න නෙවෙයි.මේ ඌරු මස් බැදුමක් කනත්තක් ලගින් අරන් යද්දී අපිට යක්කු ගහයි.බන්!"
ඒ කතා කරන කෙනා නම්.හොදටම බය වෙලා වචනත් වෙව්ලන සයිස් එකෙ තියෙන්නේ.හැබැයි අනිත් කෙනා ටිකක් ගැම්මෙන් තමයි.මෙතන රගදක්වන්නේ.ආරද් මුන් දෙන්නගෙ මූනූ ඉරියව් පරික්ෂා කරනවා වගේම ඌරු මස් කිව්වම ඇස් ගියෙ එකෙක්ගෙ අතෙ තියෙන ඒ පාර්සලේට..
" වරෙන් යන්න!"
" අඩෝ මට බෑ බන්.ඔය.පිස්සු ගෑනී පිස්සුවෙන් ඇවිත් කනට කෙලියොත් මකබෑවෙන්න වෙනවා මෙතනම!"

YOU ARE READING
| මහසෝන් පිල්ලි ! | 👹️ YIZHAN
Horrorවිනාශයක් කරන්න යවපු පිල්ලියක් , මිනිහෙක් එක්ක ආදරෙන් වෙලුනු හැටියක්! Cover credits @Zoe_Vantae 💗👹️