සොහොන් පිල්ලි 08

2.2K 270 195
                                    

පිල්ලි Pov~

මේ හිපාටුවාට කොහෙන් ආව ආච්චිගෙ අයිතියක්ද මට උගෙ පස්සෙන් එන්නෙපා කියන්න.කොහෙද යන මෝඩ මූසලයෙක්!

මහිල් අර මොකකද මන්දා නැගලා ඒකේ ඉදගෙන ගෙදර යන්න පිටත් උනා..ඒකට පාරේ ඉදන් අත දාද්දි මහිල් කිව්වෙ හරි අමුතු නමක්!..

ට්රුක්සී!! ඒ මොන වගෙ අසික්කිත වචනයක්ද ඒ?

ඊයා මිනිස්සු ඔය වගෙ උඩට පල්ලට නැති හිරිකිත වචන කියන නිසා තමයි යමයා මුන්ගෙ දිව පලලා ලුනු දාන්නේ! ඒක කරන එක සාධාරණයි ඒ අතින්.බැරිද දන්නෑ යමයට මේ මහපාර මැද්දට ඇවිත් ඕකුන්ගෙ දිවවල් පලන්න.ට් රුක්සී!!

ට් රුක්සී එකේම ගිහින් මහිල් ගෙදර ඉස්සරහෙන් බැස්සා.ඒ ගෙදර බලු බල්ලෙක් නෑ කොහෙ ඉන්නද උන් ඔක්කොම මල බත ගිලින්න දුවලනෙ ඉතින්! මෙව්වා මල විකාර.

මන් ගියෙ මහිල්ට ටිකක් ඈතින් නොපෙනී.හැරිලා බැලුවත් මාව නෙවෙයි පේන්නේ.මහිල් ගේ ඇතුලට යන්න ගිහිනුත් හැරිලා බැලුවේ අර දේවාලේ දිහා.කාලී අම්මා වැඩ ඉන්න මේ දේවාලෙට නේද අර ආල්‍යා කියන මෝඩ ගෑණී අපහාස කරේ.ඇන්නෙ එක පාරයි ඇගිල්ලෙන් ඒකී මකබෑවීලාම ගියා යසයි කියලා..

මහිල් දේවාලේ දිහා බලන් ඉදලා ඉස්සරහා දොරත් ඇරියා ඒ උනාට උ එක පාර දොරෙ හිට්ටේ නිකම් හරියට තියපු අඩිය යට හොද පොලොන් තඩියෙක් ඉන්නවා වගේ..

" තමුසේ මොකද මගෙ පස්සෙන් එන්නේ?!!"

ඒක කිව්වේ මේ මටද? මන් මගෙ දිහාවටම ඇගිල්ලක් දිග් කරන් දෙපැත්ත බැලුවෙ කව්ද දන්නේ ඉතින් මුන්දා පස්සෙන් මල් යස්සිනියෝ එනවද කියලා!..නෑ නෑ ඇති මල යකින්නක් නෑ මගෙන්ම තමා අහලා තියෙන්නේ..පිස්සු!

" තමුන්ගෙන් තමයි අහන්නේ!! මොකටද මගෙ පස්සෙන් එන්නේ ?!"

වෙන මොකෙක්වත් එතන නෑ මගෙන්ම තමා අහලා තියෙන්නේ..

" දන්නෑ!"

" දන්නෑ? තමුසෙ දන්නෙ නැත්තම් මන්ද දන්නේ?!..කිව්වනෙ සැරයක් මගෙ පස්සෙන් එන්නෙපා!"

" තමුසෙගෙ පස්සෙන් මන් ආවේ නෑ!"

කිව්වෙ නෑ! එහෙම්ම කියවුනා..ඉතින් මම ගොනා සේ කට අත් දෙකෙන්ම වහන් බිම බලාගත්තා..

| මහසෝන් පිල්ලි ! |  👹️ YIZHANWhere stories live. Discover now