CHAPTER 21

14.6K 741 677
                                    

අභී

ම්හ්ක්

පුකට දෙකක් දෙන්න කලින් නැගිටපන් ජාන්

අම්මා අනේ

අනේ පනේ නෙමේ අද රෑට උත්සවේ .

නටන්නම් නටන්නම්

"ඊයේ හවස් වෙනකන්ම beach එක ගාව වාහනේ තියාගෙන වචනයක්වත් නොකියා සිංදු අහපු දේවාශ් අයියා මාව එක්කත් මන්දිරේට ආවේ ගෙදර කියන එක මට අමතකම වෙලා යද්දි.දැනට දවස් දෙකක් විතර මම ගෙදර ගියේ නෑ.ඒත් එක cll එකක් නෑ අම්මගෙන්.අඩුම msg එකක් .පුදුම මිනිස්සු ඇත්තමයි.අයිශ් මේ දවස් දෙකේ cls ගියෙත් නෑ .නොට් ලියන්න ගියාම තමයි සද බොද වෙන්නේ.සෙතුකයා සමහරවිට මගේ නෝට් ටිකත් ලියාගෙන එවි.අහ් උන් දෙන්නගෙ විස්තර අහන්නත් බැරි උනා.කොහෙද ඊයේ කතා කරගන්නවත් වෙලාවක් තිබ්බ ද ?"

අහ් ආව්ව්ව්

"හිමීට බෙල්ල අත ගාද්දී අතට නිකන් දියරයක් වගේ ගෑවුනා වගේම බෙල්ල ගිනිගන්නවා වගේ දැනෙද්දි මගේ කටින් කෙදිරියක් පිට උනා.ඒක ඇහුන අම්මා ඉක්මණට මගේ ලගට දුවගෙන ආවෙ සාරියත් කොනකින් උස්සගෙන."

ජාන් දරුවෝ ලේ නේද මේ?

අහ් අම්මාමා

"අම්මා මගේ ලගට දුවගෙන ඇවිත් මම ලගින් දණගහගෙන බෙල්ල හරව හරව බලලා එකපාර බෙල්ල අල්ලලා අත පෙන්නන ගමන් ලේ නේද අහද්දි මම බෙල්ල අල්ලන ගමන් කෙදිරි ගෑවා."

මොකද උනේ ජාන්?අනේ මගේ පුතාට රිදෙනව ද ?අම්මා ඉක්මණට බෙහෙත් මොනවහරි අරන් එන්නම් ජාන්

"අම්මා මගේ මූණම අතගාලා නළලටත් හාදුවක් තියලා ආයේ සාරිය පැත්තකින් උස්සන් මන්දිරේ ඇතුළට දිහුවා.ගෙදර හිටියනම් රස්තියාදු ගහලා කිය කිය කියවන අම්මව මට ලාවට මතක් උනා.ඇයි අම්මට බැරි ගංගෝලි අම්ම වගේ මට ආදරේ දෙන්න.ඇයි මගේ පුතා කියලා ඒ කටින් කියන්න බැරි?මගේ අම්ම කියන්නෙ මට කවදාවත් තේරුම් ගන්න බැරි කෙනෙක්ට.බෙල්ල දනවා ඉන්න බැහැ.මේක උනේ ඊයේ දේවාශ් අයියා බෙල්ල හයියෙන් අල්ලපු වෙලේ.මට තියෙන හම හරි සියුම්.අනික ඒ අතට වඩා ඒ නියපොතු මගේ බෙල්ල හූරන් ඇතුළට ගියා.ඒ නියපොතු තද වෙන්න තද වෙන්න මගේ බෙල්ල කැඩෙයි කියලා මට හිතුනා.එවෙලේ ඇගට පනක් නොතිබුන නිසා අයියට කතා කරන එක විතරයි මට ඉතුරු උනේ.දේවාශ් අයියා පරිනත ඇති ඒත් එයා කියන්නේ සම්බන්ධයකට සුදුසු කෙනෙක් නෙමෙයි මම ඒක ඊයේ තේරුම් ගත්තා.එයා දරුණුයි.එයා මාව මරන්න උනත් දෙපාරක් හිතන ජාතියේ කෙනෙක් නෙමෙයි.දේවාශ් අයියා කියන්නෙ කව්ද කියලත් මම හොදට දන්නවා .ඒත් මේ එකෙක් මම කවුද කියන්න දන්නෙ නෑ.උබලා මාව අවුස්සගත්තොත් මේ රැකන් ඉන්න සිල් ඔක්කොම නැතිවෙලා එකාගානේ විදවන්න පටන් ගනීවි.එදා ඌ නිසා ලේ අතේ ගාගත්ත මට උබලා කියන්නේ සිප්පි කටු ටිකක් විතරයි .මම ආයේ අතීතේ එක්ක තනිවෙද්දි මගේ ඔලුවට එක එක විකාර එන්න ගත්තා."

"මගේ හිතුවක්කාරයා"Where stories live. Discover now