"ඊයේ දේවාශ් අයියා එක්ක මහ රෑ dance එක practice උන මම උදේම සෙතුකයාගෙන් ආව msg එක නිසා children park එකට ආවා.තනියම නෙමේ අම්මා එක්ක.මම එළියට යන්න හදද්දිම කනෙන් ඇදලා හොදටම මට බැන්න අම්මා මට කවලා මාව park එකටම එක්ක ආවා.ජාන් මොනාහරි බීලා අහු උනොත් හමගහනවා කියලා සැර කරපු අම්මා මගේ නළලට හරි ආදරෙන් තොල් තද කරලා ආයේ හවසට ගන්න එන්නම් කියලා යන්න ගියා.මහන්සි ඊයේ අරුන් එක්කත් ගහගත්තනේ.මම ගහගත්තට මොකද අමාරු වෙලා තියෙන්නේ දේවාශ් අයියට .ඌ තාම නිදි පුකට ඉර පායනකන්.නිදාගත්ත එක හොදයි නැත්‍තන් ඕකා මෙහෙටත් ඒවි ඊළගට ආයේ අරුන් එක්ක ගහගන්න වෙන්නෙ මට.මට ගහගන්න තරම් පනක් නෑ .ආආආහ් මට මහන්සි දෙයියනේ.මට දැන් ඕන ඇදට ගිහින් හොද නින්දක් දාන්න .මේ මහන්සිය යන්න සදහටම ඇස් පියාගන්න ඇත්තන්.එහෙම හරි මට සැහැල්ලුවක් දැනේවිද ?මම ඔහේ කල්පනා කර කර බංකුවට වෙලා ඉද්දි තමයි මට මතක් උනේ මම අරන් ආව කොලෙයි පෑනයි.සාක්කුවෙන් දෙකට තුනට නවන් හිටිය සුදු කඩදාසි කොලෙයි කලු පෑනයි එළියට ගත්ත මම අරුන් දැන්ම එන්නෙ නැති නිසා මෙච්චර දවස් හිතන් හිටිය දේ ලියන්න ගත්තා."
2025 යම් දිනයක
මගේ ඒකපාර්ෂික ආදරය වෙත ලියමි ,
"මීට දවස් දෙකකට කලින් මට හිතුනා හිතේ තියන හැමදේම නැතුව හිතට වදදෙන සංවේදීම කාරණා ටික කොලේකට සීමා කරන්න.හොද හුස්මක් ගත්ත මම ආයේ හැගීම් අකුරු කරන්න ගත්තා."
හදවතේ වාන් දාන හැගීම් ආදරේ කියලා පිලිගන්න සමාජෙක මමත් පිට ආලයක් එක්ක හදවතින් බැදුනා.
සංසාරෙ අත් අල්ලන් දුරක් යන්න ඕන කියලා දැනුන තැන මමත් බලාපොරොත්තු ගොඩගහන් නැවතුනා.
තාත්තෙක් වෙන්න ඕන කියලා දැනුන පරිනත හැගීම ලග උබත් මම ලගින් එදාට ඉන්න ඕන කියන හැගීම ලග මම නැවතුනා.
මාව දවන උබේ රූපේ අස්සෙ මාව නිවන උබේ වැලිතලාවෙ ඉමක් කොනක් නැතුව මම අතරමන් උනා.
ගතින් වෙලිලා ආදරේ කරන සමාජෙක මම උබව හිතින් වෙලාගෙන ආදරේ කරන්නම්.
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බැහැ කිව්වත් මට ඕන හිතින් ගිලිහිලා යන උබව තව හයියෙන් වෙර දාල අල්ලන් ඉන්න .
