සොහොන් පිල්ලි 07

2.6K 324 309
                                    

පිල්ලි Pov~

මහිල්!

ඒක තමයි එයාගේ නම!..එයාගේ  ඇස් ඒවා බෝනික්කෙක්ගේ වගේ..දිලිසෙනවා.හැම නිතරම හිනා වෙනවා.තව එතකොට එයාගේ කොන්ඩේ ඒකත් හරිම ලස්සනයි..ලස්සනයි? ඒකද ඒකට කියන හරිම වචනේ

නිදාගද්දී ලගින් ඉදන් එයාට නොදැනෙන්න ඔලුව අතගාන එකට මන් කැමතියි..එයා ගුලිවෙලා රස්නේ නිසා නිදාගන්න විදිහ බලන්න මන් කැමතී!..

මම ආවේ මේ පව්ලේ විනාස කරන්න උනත් , කොහොමද මෙච්චර ලස්සන ඇස් දෙකක් අයිතිකාරයෙක්ගේ පව්ලක් මම විනාස කරන්නේ...

එයාගෙ ඒ ඇසුයි මට මගෙ අරමුණ වෙනස් කෙරෙව්වේ..දැන් ඉරපායන්න ලගත් ඇති.ඒක තමා මහිල් එයා ගාව තිබුනු අර එලිය පත්තුවෙන පෙට්ටිය අරන් මොනවද ඔබන්නේ..මොනාද මන්දා මිනිස්සු වගයක් හූ කියනවත් ඇහෙනව..

මල විකාර.මිනිස්සු ඕවා දිහා බලන් ගිහින් මොනවා හරි කරන් එන්නේ කෙලින්ම කනත්තට.එහෙව් දාට අපිට අවුරුදු ඉතින්..

නිදාගෙන හිටිය පෙට්ටියෙන් බැහැලා එයා කෙලින්ම ගියේ පහල තියෙන කුසියට.පහලට යන්න තියෙන අර මොකක්ද එක එයා බහින්නේ උඩ පැන පැන.ඒක හරියට ' ටුක් , ටුක්,ටුක් ' කියනවයි මට ඇහෙන්නේ.

ගිය ගමන් ආයේම මොකක්ද පෙට්ටියක යට තට්ටුව අතින් ඇදලා ගත්තම ඒකේ එලියකුත් පත්තු උනා..ඒක හරියට මීයෙක්ගේ ගබඩාවක් වගේ

ම් මීයෝ කියන්නේ හරිම රහ ජාතියක්.

මේ මිනිස්සු පාවිච්චි කරන්නේ පෙට්ටිමද කොහෙද ඒක තමයි අවසන් ගමනුත් පෙට්ටියකින් යන්නේ.මෝඩ මිනිස්සු.

පෙට්ටියෙන් මොකක්ද එකක් අරන් උඩු බලලා ඒක උගුරු දණ්ඩටම හලා ගත්තේ මේකා නිකම් තිබහේ හිටිය ඔටුවෙක් වගේ.හරිම පෙරේතයි..පෙරේත කම තිබ්බට මොකද අර ලයිට් පෙට්ටිය බාගෙටනේ වහලා ගියේ..

මම ගිය ගමන් දෑතේ වීරීය අරන් ඒක තල්ලු කර.තල්ලු කරපු අරක වැටෙන්නත් ගිහින් හෙන දේහිනියක් උනා තව ඩින්ගෙන්.මහිලුත් පිටුපස්ස හැරිලා බැලුවම මන් එහෙම්ම මුල්ලකට උනා..

දොර එලියෙන් මොකක්ද කිරි කිරි සද්දයක් ඇහෙද්දී මහිල් ගිහින් දොර ඇරියම දොර ඉස්සරහා හිටියේ ගොම පාට ඇදුම් වගයක් ඇදගත්ත මහ හෝතම්බුවෝ වගෙ උන් ටිකක්..මොක්කුද මන්දා මුන් නම් ගොම පනුවෝ වගෙ..

| මහසෝන් පිල්ලි ! |  👹️ YIZHANWhere stories live. Discover now