"ගංගෝලි අම්මා එකක් මන්දිරේට යන්න ගිහින් ආයේ රෑට එන්නම් කියලා මම ආවෙ පන්සලට.හේනකඩුව පන්සල.බිදුණු හිතකට සැනසීමක් තියෙන එකම තැන.ඇත්තටම පන්සල කියන්නේ බැදීම් අත් හරින තැනක් ඒත් අපි කරන්නෙම අඩාගෙන ගිහින් බැදීම් ඉල්ලන එක .බුදු හාමුදුරුවෝ සියල්ල අතහැරල ගිය තැන අපි සියලල් ඉල්ලලා අඩා වැටෙනවා.බැදීම් අත් හරින තැනකින් කවදාවත් බැදීමක් අයදින්න එපා .මමත් මීට කලින් නොතේරුම් කමට ආදරේ ඉල්ලලා බුදු සිරිපා ලග වැටුනා ඒත් මේ වෙනකොට මට තේරෙනවා බැදීම් කියන්නේ ඉක්මණට ගිලිහෙන දෙයක් කියලා.මම හිමීට බෝ මලුවට පය තිබ්බා.සිනිදු සීතල වැලි කකුලෙ ගෑවෙද්දි හරි සනීපයි.මම හිමීට ඇස් පියා ගත්තා .වටේ පිටේ ඇහෙන් බුදු ගුණ ඇවිලුනු මාව නිවන්න ගත්තා.එහෙන් මෙහෙන් එන හදුන්කූරු සුවද මගේ අත්මෙට කතා කරන්න ගත්තා.ඉදලා හිටලා ඇහෙන ඝාණ්ඨාර සද්දේ මගේ දෙතොලට හිනාවක් අරන් ආවා."
මගේ එහා පැත්තෙ ඔයා හිටියනම් සුදූ
"ආයේ මුලට.කොහෙන් ගියත් පිරෙන්නෙ නැති අඩු පාඩුව මගේ සුදූ.ඇත්තට ම මට වත් හිතාගන්න බෑ මම කොහොම ඒ රූපෙට මේ තරම් බැදුනද කියලා.බොරුවක් කරා කියලා මට කීයටවත් පලිගන්න බැරි උනා.ඒ ලස්සන ඇස් හැමවෙලේම මාව පාලනේ කරා.එක මොහොතක් මට නොහිතා ඉන්න බැරි උනා ඒ නපුරා ගැන .ඇස් පියාගෙනම මම දොහොත් මුදුන් දීලා වැදගත්තා."
බැදීම් අත් හරින තැනක
බැදීමක් ඉල්ලනවට මේ පව්කාරයාට
සමාවෙන්න බුදු සාදුමට එයාව ඕන .මම එයාට මහ හුගක් ආදරෙයි බුදු සාදු.
ගැහෙන පපුව ඇපේට තියලා කියන්නම් මේ අත්මෙට වගේම ඊලග හැම ආත්මෙකටත් එයාව මගේ කියලා ලියලා දෙන්න බුදු සාදු.
"ඇස් වහගෙන මම හිමීට මිමිණුවා.හිත කලබලයි.ඔව් ඒ රූපෙ මතක් වෙද්දිත් මගේ හිත බර වෙනවා.සත්තයි මේ අදරේ මටවත් දරාගන්න බෑ.මට මෙච්චර ආදරේ කරන්න පුලුවන් කියලා මම කවදාවත් හිතුවෙ නෑ .මට ඕන සුදූව මගේ කරගන්න.හැබැයි මට ඒ අයිතිය ඕන ගතින් නෙමෙයි සිතින්."
