✒.33

1K 114 38
                                    

නේර්ගේ මානයෙන්...

සින්දුවෙන් සින්දුව ගෙවිය ගියා... ස්ටේශන් එකෙන් ස්ටේශන් එක පහු වෙද්දි අපෙ ආදරෙ අඩියෙන් අඩිය ඉස්සරහට අරගන ගියා...

කාලය ගත උනා.. අපි අපිට ලන් උනා... හෙම්බත් වෙනකල් හාදු තියාගත්ත අපිට අවසානෙදි හති වැටුන... එලි උනා ආයම රෑ උනා.. අයියගෙ පපුව අස්සට වෙලා හිටිය මම අවසානෙ ඒ උරිස්ස උඩ එ අත තුරුල් කරගන ඇස් පියාගත්තා..

දිගම දිග හුස්මක් අරගන මම හෙමින් ඒක පිට කළේ කලුවර කපාගන සීතල මීදුම් අහුරු මැදින් දිවෙන කෝච්චියෙ ජනේලෙන් එලියට චුට්ටක් අත දික් කරන ගමන්..

" ගන්නව ඇතුළට... "

" හරි ඉතින් .... චුට්ටනෙ... "

"අත පය දාන්න තියාගන්නෑ එලියට... ඔය යන වේගෙ හැටියට මොක්ක හරි හැදුනොත් ගැලවිලාමයි යන්නෙ... "

එයාට කොහොම ඒක පෙනුනද කියන්න මටවත් හිතාගන්න බැරි උනා... ශීට් එකට ඔලුව තද කරගන ඇස් පියන් උන්න එයා කොහොම හරි මම අත එලියට දානවා දැකල තියෙනකොට හරියට පුන්චි කාලෙ දරුවෙක්ට තරවටු කරන තාත්තෙක් වගෙ එයා මගෙ අත අදින ගමන් තරවටු කරන කොට මම මූන ඇද කරගන එ අත අත් දෙකෙන්ම බදාගන එ පපුව අස්සට මූන ඔබලා ලොකු හුස්මක් ගත්තා...

සූදයි..

අනෙ මන්දා ඒක වෙනදට එන අර සැර අමුතු සෙන්ට් එකත් නෙවෙයි.... උදේ ඉදලා ඇදන් ඉන්න ශර්ට් එක නිසා දැන් එන්නෙ සෙන්ට් සුවදටත් වඩා එයාගෙම සුවද... එ පපුව පුරාවට ගලන එයාගෙම සුවදින් තව පාරක් මගෙ පපුව පුරෝගත්ත මම මෙච්චර සීතලෙත් උඩට බට්න් තුන ඇරන් ඉන්න එයා ගැන පුදුම හිතුවා...

එයාගෙ ජර්සිය මට අන්දලා මාව පොඩි එකෙක් වගෙ පෙරෙව්වා අයිස් කැප් දැම්මුව ඇරෙන්න එයා මෙ වෙනකල් සීතලයි කීවෙවත් සීතල බවක් පෙන්නුවෙ වත් නැ... සමහර විට එයාට ගානක් නැති වෙන්නත් පුළුවන් .. තියන නපුරු පාට... කලින්ටත් වඩා චුට්ටක් වැව්න රැව්ල කන ගාවින් බෙල්ල පුරාවටත් චුට්ටක් වැවිල තියෙද්දි එයා ආයමත් ඇස් පියාගන ශීට් එකට ඔලුව හේත්තු කරන් උන්නා..

ඒ ශර්ට් එකේ බට්න් එකක් එක්ක සෙල්ලම් කරන අතරෙම මම එ මූනෙ හැඩ තල බැලුවා.... කොච්චර බලන් උන්නත් එපා වීමක් නැති මම ඒ එකට යා ව්ගන එන ඇහිබැම ලගට මගෙ චූටි අතෙ ඇගිල්ලක් ගාවන්න ගියා උනත් එයා නින්දෙ නම් ඉන්නෙ ඇහැරේවි කියන බයට මම ආයම අත පහලට ගත්තා....

You've reached the end of published parts.

⏰ Last updated: Feb 01 ⏰

Add this story to your Library to get notified about new parts!

✒️. තුංමන් හංදිය Where stories live. Discover now