සොහොන් පිල්ලි 06

2.3K 245 60
                                    

සෝෆා එකට වෙලා සිවිලිම දිහා බලන් ඉදිය මහිල්ට නොදැනිම නින්ද ගියා.නින්දේ ඉදියත් ඔලුවෙන් දැනෙන ඒ අමුතු විදිහෙ සනීපෙට මහිල් ඉබේම වගෙ ඇබ්බැහි වෙලා ඉදියා.

ඇස් දෙක වහන් ඉදියත් වට පිටාවේ සද්ද වලට හොඳින් ඇහුම්කන්දීමේ හැකියාවක් මහිල්ට ඒ කාලේ ඉදන්ම තිබුනා..

වහල තිබුනෙ නැති , දොර එක පාරම ටිකක් තදින් හුළගක් ඇවිත් වැහිලා ගියපු සද්දෙට මහිල් නැගිටලා සෝෆා එකෙන් ඉඳගත්තා.ඒ ඉදගෙන බැලුවේ වැහුනු දොර දිහා..

දොර දිහා බලන් ඉද්දී මහිල්ගෙ හිතෙ ඇදෙන වෙනස්ම විදිහෙ සැකේ නිසා මහිල් නැගිටලා ගිහින් සද්දෙන් වැහුනු දොර ඇදලා ආපස්සට ඇරියා.

ඇස් දෙක පියාගෙන කාලී මෑණියෝ මතක් කරගෙන දකුණු අතින් දොරේ දාර ස්පර්ශ කරන්න ගත්ත මහිල් ඇස් දෙක පියාගෙන ඉදියත් , මහිල්ගෙ ඇස් දෙක පියවෙලාම එහෙ මෙහෙ දිව්වා..

හරියටම දොරේ මැද්දට වගෙ යද්දී මහිල්ව වෙව්ලන්න ගත්තා.හීනෙන් නැගිටින්න උත්සහ කරන කෙනෙක් ඔලුව ගසනවා වගේමයි මහිල් මෙතන ඔලුව එහෙට මෙහෙට කරන්නේ.ඒත් මහිල්ගෙ ඔලුව අස්සේ මැවෙන ඒ රූප කිසිම දෙයක් පැහැදිලි නෑ..මහිල් දොරෙ මැද හරියේ තවත් තදින් අල්ලන ගමන් ඇස් දෙක තදින් පියා ගත්තේ මොනවම හරි පැහැදිලි දෙයක් දකින්න..

කළු පාට එක එක රූප රාමූ ,මිනිස්සු , විවිධ යක්කු , දෙවිවරු ගොඩක් මහිල්ගෙ ඔලුව අස්සේ පෙනුනා..ඒත් ඉන්න!.. වලහෙක් වගෙත් , නරියෙක් වගෙත් රුවක් පෙනුනත් එක්කම ලොකු හුළඟක් ආව ගමන් මහිල්ව දොරෙන් ඈතට තල්ලු වෙලා ගියා..

කලබලෙන් ඇස් ඇරිය මහිල් ඒ පෙනුනේ මොකක් උනත් සද්දෙන් හුස්ම දාමින් හිටියා..දැන් කලින් තිබුනටත් වඩා කළුවර වැටිලා.දොරෙන් ඈත් පේන තෙක් සීමාවේ තිබුනෙ කළුවර විතරයි!..

" හෙලෝ !"

පහන තියලා මේ ගැන කාලී අම්මගෙන් අහන්න ඕනේ කියලා හිතන් මහිල් එලියට බහිද්දිම වාගෙයි මහිල්ට කෝල් එකක් ආවේ

> " ඒ බන්!"

" ඕ කියපන්!"

" ආල්‍යා Suic*de කරගෙන!"

| මහසෝන් පිල්ලි ! |  👹️ YIZHANWhere stories live. Discover now