✒.32

975 119 64
                                    

විද්නාල්ගෙ මානයෙන් ..

" මට සමාවෙන්න නේර් "

හිතින් කීවෙනි වතාවටදො මන්ද මම මිමිනුවා... අදක් වෙනකල් මම වෙන කෙනෙක්ට මොනම අරමුනකින්වත් හාදුවක් වැය කරල නැතුව ඇති . තේරෙන කාලෙ ඉදලම එකම එක රූපයක් හිතෙ තියාගන හිතින් ආදරේ කර කර හිතින් හීන මව මව  එකම ස්පර්ශෙකින්වත් ඉදුල් නොකර එකම බැල්මකින්වත් ඉදුල් නොකර අවුරුදු ගානක් කරපු ආදරේ ... මෙහෙමයි කියන්න අවැඩක් වෙන්න නොදි රැකන් ආපු ආදරේ ... එක බින්දුවක කහටක් ඉතිරි නොවෙන්න පෙරහනෙන් පෙරාපු තරම් පිරිසිදුවට දුන්න ආදරේට අද කලු පැල්ලමක් එකතු උනාදො කියල කීවෙනි වතාවටදො මන්දා මම පසු තැවුනා...

ඇග එයගෙ උනත් ආත්මෙ එයාගෙ නොවෙනකොට එ ස්පර්ශයක් පවා මට පිලිකුල් උනත්... සතෙක් වෙන්න බැරි කමට මම එකත් ඉවසුවා... නරුමයෙක් වෙන පොඩි එකෙක්ගෙ ආත්මෙකින් පලි ගන්න බැරි කමට මම එකත් හිත හදන් ඉවසුවා...

ශේර් ශේර් ශේර්......

මට කියන්න ඔනි උනේ තේරුන් කරන්න ඔනි උනේ මෙච්චරයි බන්.... දහ අට සන්නිය නටලවත් සමහර හිත් වල ලැග ගන්න යක්කු අහක් කරන්න බැ වගෙ එකෙක්ට ආදරේ හිතිලා ඒ ආදරේ අනිත් පැත්තෙනුත් සම්පූර්ණ උනොත් හිඩැස් නැති ආදරයක් මැද්දට යක්කුන්ට රින්ගන්න බැ ශේර්.... උබට අද එක තේරෙන්න ඇති .. නේර් ගාව උතුරන හැගීම් උබෙ ගාව ගොලු වෙලා හිස් වෙල යන හැටි උබ දකින්න ඇති ... නලලට දෙන හාදුවක් ගානෙ උබව අල්ලන පාරක් ගානෙ මට දැනෙන්නෙ උබ මගෙ දරුවෙක් ගානට මිසක කවදාවත් උබ මගෙ ගැනි උනේ නැ ශේර්... මගෙ හිඩැස් නැති ආදරේ මැද්දට උබට ඊගාව ආත්මෙක වත් එන්න බැ...

මං ආදරේ කළෙ තනියම... මං එ හැගීම් අවුරුදු 28ක් වෙනකල් විදගත්තෙ තනියම.... හිතනවද බොරු කියල... මෙ ලෝකෙ එහෙම පිරිමි නෑමද.... ? නැ ඉන්නවා.... හැබැයි කලු නික තරම් දුර්ලබයි.... තමන්ගෙ එකි තමන්ගෙ එකා ලගක නැතුව අල්ලන්නෙ කරන්නෙ නැතුව් අවුරුදු ගානක් ඉන්න බෑමද....නැ පුළුවන් ... එහෙම ඉන්න එව්න් ඉන්නවා...

කී දෙනෙක් ඇවිත් හෙලුවෙන් ඇගෙ නැග්ගත්.... මතක් වෙන්නෙ එකම එක ඇස් දෙකක් නම්... දැනෙන්නෙ එකම එක සුවදක් නම් පිරෙන්නෙ එකම එක මතක තොගේකින් නම්..  කොටින්ම නිදාගන ඉන්න හැගීම් ඇහැරෙන්නෙ එක ස්පර්ශයක් ගාව විතරයි නම් ඉතින් ... කී දෙනෙක් මාර දූතිකාවො දූතයො ආවත් එ හිත් හෙලවෙන්නැ කියන්නෙ නෑම තමයි...

✒️. තුංමන් හංදිය Where stories live. Discover now