CHAPTER 17

7.6K 684 1.1K
                                    


(උඩ තියෙන සිංදුව අහන ගමන් කියවන්න )

දඩස්

අහ්

"කියාගන්න බැරි තරම් වේගෙකින් තංගල්ලට ආව මම වට රවුමෙන් බයික් එක දානකොටම බයික් එක ලිස්සලා ගිහින් පාලම ලග වැටුනා.මම හිටියෙ තනිකරම සිහිය විකල් වෙච්ච මනුස්සයෙක් වගේ.මම මොනවද කරන්න ඕන දුවන්න ද ? ඒත් කොච්චර දුරක් මට දුවගන්න පුලුවන් වෙයි ද? උන් ලග ලගම එනවා ඇති .මම මෙහෙම ගෙදර ගියොත් උන් එහෙටත් ඒවිද ? මගේ ඔලුව විකාරයි මම හිටියේ තාමත් බයික් එකට යට වෙලා."

හොයපන් ඕකව

"එකපාර ඇහුන උන්ගෙ කටහඩට මාව ගැස්සිලා යද්දි තනිමනුස්සයෙක්ට උස්සන්න බැරි මගේ බයික් එක මම ආවේගෙන්ම පස්සට කරලා දැම්මේ ඒකෙ සද්දෙට උන්ගේ අවදානේ මට එද්දි ."

අයියේ අන්න ඉන්නවා

අල්ලපන් ඕකව

"උන් සේරම මගේ පැත්තට එද්දි මම පාර පැනලා පැනලා පුංචි පාලම පැත්තට දිව්වේ මේ වෙලාවේ එතන අඩුම මාලු විකුණන මනුස්සයෙක් හරි ඇති කියලා.බය කියන දේ මට කිසි ගානක් නෑ ඒත් මම මැරෙන්නේ මේ විදියට නෙමේ මගේ මරණෙට පවා වටිනාකමක් තියෙන්න ඕන.මෙහෙම බල්ලෙක් වගේ මම මැරිලා ගියොත් මගේ තාත්තගෙ නම්බුවට මොකක් වේවිද?මිනිස්සු මොනවා කියාවිද මගේ පව්ලට?පව් කොල්ල අඩු වයසින්ම ගියේ ඔය දේශපාලනේ නිසා කියාවි .සමහරු කියාවි කෙල්ලෙක්ට මොනවා හරි කරලා කියලා .මිනිස්සු කියන්නේ සර්පයෝ වගේ.මිනිස්සු හරි දක්ෂයි කතා හදන්න ඉතින් මට මොනවගේ කතාවක් හදයිද ?අනික මට මෙහෙම යන්න බෑ අඩුම ඒ නපුරු ඇස් දෙක තත්පරේකට හරි දකින්න ඕන."

සුදූ මේ සුදු මහත්තයා කොහොමහරි හුස්ම අල්ලන් ඉන්නවා උබේ ඔය නපුරු ඇස් දෙක බලාගන්න.

"පුංචි පාලම ලගට මම ආවත් එතන එක මනුස්සයෙක් හොයාගන්න නෑ .ඔව් ඉතින් කව්ද මෙච්චර මහ රෑ මේ පාලු පාලම ලග ඉන්නේ.මට නාස්ති කරන්න පොඩ්ඩක්වත් වෙලාවක් නැති නිසාම මම ඉක්මණට තවත් අතුරු පාරකින් පරාක්‍රම පාරට ආවා.මේ පාරෙන් ගියොත් ආයේ මට හම්බුවෙන්නේ මහ පාර.ඒ කියන්නේ මම ආව තැන.මම ටිකක් ඉස්සරහට දුවගෙන එද්දි ඔලුවට අර මොකක්ද එකක් දාගත්ත මුස්ලිම් කියන්න පුලුවන් කොල්ලො දෙන්නෙක් දුවගෙන ආවා.උන් දෙන්නව කලින් මම දැක්කෙ නෑ .ඒ කියන්නේ මුන් වෙන කට්ටියක්.මේ මහ රෑ තව කොල්ලෝ වගයක් කඩවල් ලග හිටගෙන ඉද්දි උන් ඒ වාඩිවෙලා ඉන්න උන් එක්ක කතා කර කර ඉස්සරහට ආවා."

"මගේ හිතුවක්කාරයා"Where stories live. Discover now