✒.31

649 115 43
                                    

" අනෙ අයියෙහ්.... තාත්තේ.. තාත්තේ සීයත්තා... සීයත්තව වැටුනා තත්තේ.... අයියෙ අනෙ... "

ඇස් පිල්ලම් ගහන පමාව විතරයි .... ඇස් පිල්ලම් ගහන පමාව විතරයි .... අඩ අන්දකාර කොරිඩෝවෙ වහලෙ ඉදන් මූන ඉස්සරහට පාත් උන හිතාගන්න බැරි තරම් විරූපි රූපෙ මට කලන්තෙට එන තරම් මාව බය කරදි ගැස්මට මාව විසිවෙලා ගිහින් පඩිපෙල් වැටෙ වැදෙනකොට වැටෙයි කියන බයට මාව අල්ලගන්න කොර ඇන ඇන ආව මගෙ සීයත්තාට එයාගෙම සරම පෑගුන.. එක මොහොතයි...

සීයත්තා පඩිපෙල දිගේ පහලටම පෙරලිල ගියා... පඩියෙන් පඩිය උකුලෙ හලාගන පහලට පෙරලුන සීයාත්තාව මම ඔඩොක්කුවට අරගන ගෙදරම අයට කැ ගහද්දි අනෙ සීයත්තා අවසිහියෙන් වගෙ මගෙ මූන අත ගෑවා...

" තාත්තෙ වාහනෙ ගන්න... සීයත්තෙ...සියත්තෙ ඇස් වහන්න එපා සීයත්තෙ... "

" ර්..ර්..රා..හුල...හ් ... හා..මුදු...රුවෝ... එ..ක්ක්..කන්... ව..රෙන්..ප්..පුතෙ... මෙ..ද්..දැන්ම... "

***

අවුරුදු අනූ ගානක් වෙලත් බස්තමෙන් හරි අඩිය ගහල එහෙ මෙහෙ ඇවිද්ද මගෙ සීයත්තා මෙ වෙද්දි ඔත්පොල වෙලා තිබුනා...ජීවිතයත් මරනයත් අතර හිටිය සීයත්තාව ඩොක්ටස්ලා කරන්න පුළුවන් හැමදේම කරලා ආපහු ජීවත් කෙරෙව්වත්.. සීයත්තට ආයම කවදාවත් නැගිටගන්න බැරුව ගිහින් තිබුනා...

එන්න එන්නම ආත්මය ශක්තිමත් වෙන නේර් මේ මොහොතෙත් මගෙ වටෙ කැරකෙන ගමන් ඉන්නවයි කියන්න මට දැනුනා... හෙට පෝය... හෙට මාසෙ පෝය... හෙට රෑට හැමදේම පටන් ගන්නවා... අනිද්ද වෙද්දි හැමදේම ඉවර කරන්න .. හෙට රෑට පටන් ගන්නවා...

හොස්පිට්ක් ගිහින් ඇවිත් ගෙයි දොර කඩට වෙලා කල්පනාවෙන් උන්න මම එහෙම්ම එහා ගෙදරට යන්න එලියට බැස්සා.. අයියා අවත් හරි තවමත් මම දැක්කෙ නැ... ආයම ගියාද දැක්කෙත් නැ.. අම්මත් ගෙදර නැ.. තාත්තත් නැ.. සීයත්තට උන දේවල් එක්ක එයාල තවමත් හොස්පිට්ක් එකෙ වෙනකොට ඉලව් ගෙට තනි රකින්න හිටිය අය ඇරුනම ගෙදර බල්ලෙක් නැති උනා . වැට පැනපු මම කෙලින්ම එයාලගෙ මිදුලට ගියා..

" බව්හ්හ්.. බහ්ව්ව්... බහ් බහ් බව්හ්... "

සිඒරා...

✒️. තුංමන් හංදිය Where stories live. Discover now