ශිව දේවාලේ බිම හැම තැනම පත්තු කරලා තිබ්බ පහන් මැදින් හැඩ රටාවකට බරට අඩි තියලා තාන්ඩවයක් වැයෙද්දි එ තාන්ඩවේට තිශුලයක් අත දරාගෙන හිටිය පිරිමි කෙනෙක් නැටුවේ ශිව ගේ සෙවැල්ල දෙවාලය තුල වයලා ..
පොලොවට බරට දැනෙන අඩි එක්ක සැහේන වෙලාවක තාන්ඩව් නැටුමකට පස්සේ මහා සද්දෙට තිුශුලය බිම තියලා පිරිමි කෙනා ශිව දෙවියන්ගේ පිලිමේ පාමුල වැද වැටුනා ..කලු කලිසමක් දිග සුදු කමිසයක් එක්ක එක්ක දිග කොන්ඩේ දාඩියටම මුනට අැලිලා තියෙද්දි දේවාලේ අැතුලේ අැහුනු අඩි සද්දෙකින් බිම ඉදන්ම පිරිමි කෙනා හැරිලා බැලුවා ...
"මොකද වුනේ "
එක පර්ශනයයි එක අහපු සැරටද මන්දා පිටිපස්සෙන් අාපු කෙනා ඉස්සරහට තියන්න හදපු අඩිය අාපස්සට තියද්දි මුලු දේවාලේ පුරාම පැතිරිලා ගිය දෙන්නෙක්ගේ හිනා හඩක් ..
"මැරැනා ..,එයත් හරි "
"එහෙම වෙන්නම ඔනිනේ මොකද මේක අපේ සෙල්ලමක් .."
බිම වැටිලා ඉන්න කානාගෙන් අාපු මිමිනුමට අනිත් කෙනාගෙන් අාවේ ලා හිනාවක් වෙනකොට බිම වැටිලා ඉන්න කෙනා නැගිටලා අනිත් පිරිමි ලමයව තද කරලා බදා ගත්තේ ලොකු හුස්මක් අරගෙන ..
"මගේ දරැවා"
"අයියේ"
වැලදගැනිම ඔනවට වඩා තද වුනත් මගේ දරැවා කියන වචන ටික අැතුලේ මොන තරම් වේදනාවක් තියෙනවද කියන එක අනිත් කෙනා දැනගෙනමයි හිටියේ ..
දාඩියෙන් පෙගිලා හිටිය කෙනාගේ මූනට වැටිච්ච කොන්ඩේ කැලි එහේ මෙහේකරපු කොල්ලා කොන්ඩේ නිසා වැහිලා දැන් මතු වුනු රැපේට ලස්සනට හිනා වුනා ..
"කොහොමද ශ්වෙත්ගේ අැස් ඉස්සරහට අාවේ අහස් "

YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....