සොහොන් පිල්ලි 05

2.1K 257 112
                                    

"මල්ලී එන්නේ නැද්ද?!"

" නෑ! මම නොයන බව දන්නවනේ!"

" තනියෙන් ඉන්න පුලුවන්ද?"

"කාලී අම්මා ඉද්දී මන් බය වෙන්නෙ නෑ අක්කේ!"

පේනවනේ මහිල්ගේ ඒ භක්තියේ විස්වාසය කොයි තරම්ද කියලා.පුංචි මාමාගෙ නැති වීමත් එක්ක අක්කා ඇතුලු හැමෝටම මළ ගෙදරට යන්න සිද්ද උනා.ඒත් මහිල් මළ ගෙදර තියෙන දිහාවට යන්න තියා හිතන්නේ වත් නැති පාටයි.

හවස් ජාමේ තාත්තලා ගියාම මහිල් එලියට බැස්සේ දේවාලෙට පහණ තියන වෙලාව හරි නිසා..මේ වෙලාවේ පිල්ලිය ඉන්නෙත් මහිල්ගේ දිහාවට ඇස් යොමන් ඒත් මහිල්ගේ පස්සෙන් වැටුනේ නෑ.

මහිල්ගේ පස්සෙන් පිල්ලිය වැටුනෙ නැති නිසාම මහිල් ගිහින් කාලී මෑණියන්ට පහණ විතරක් තියලා ආවා.මොකද මොකුත් කරන්න බෑ මල කිලුටක් ඒ ඉඩමේ තියෙන නිසා.

ගෙදර කට්ටිය හිස් වෙන්න හිස් වෙන්න තමයි ගෙදරක පාළු ගතිය පිටට පේන්නේ.අක්කගෙ දරුවගෙ හිනා හඬ ඇඬුක් හඬ ඇහිලා ඇහිලා නැති වෙලා ගියාම ගෙදරත් නිකම් මිනී කනත්තක් වගෙයි කියලයි මහිල්ට හිතුනෙ..

බඬගිනි කමට මොනවා හරි හදන් කන්න කුසියට වැදිලා ඉද්දියි අහස ගුගුරාගෙන වැස්සක් එන්න පටන් ගත්තේ..මුළු අහසම අන්දකාරෙන් වෙලා ගනිද්දී වෙලාවටත් වඩා කළුවක් පරිසරයේ පේන්න තිබුනා..

දත් සැට් එක එකට හැප්පෙන්න තරම් වැස්සත් එක්ක එන සීතල උහුලන්න බැරුම් කාමරේට වැදුනු මහිල් ඇඳට වැටුනේ වැස්සත් එක්ක එලි වෙද්දි හොදට නින්දක් දාන්න..

බෙඩ් ශීට් එක පොරොව ගත්තට වඩා උණුහුමක් මහිල්ට දැනෙද්දී මහිල් ඒ උණුහුමේ ගුලි වෙලා සීතල නැති කර ගත්තා මිසක ඒ පමණට වඩා උනුහුම එන්නේ කොයින්ද කියන එක ගැන මහිල්ට තැකීමක් නැති පාටයි..

📱

හදිස්සියේම ආව ෆෝන් කෝල් එකත් බෙඩ් ශීට් එක අස්සටම වෙලා මහිල් ආන්සර් කරා.

"ආහ්?"

" කියන්න දෙයක් කිව්වේ? මොන වගෙ දෙයක්ද?"

"හම්බෙලා?"

"දැන් නම් බෑනේ හෙට එන්නද?"

"හා උදේ! Location මන් දාන්නම්!"

| මහසෝන් පිල්ලි ! |  👹️ YIZHANWhere stories live. Discover now