හූ...හූ.....හුහුහුහුහුහුහුහුහුහු............
කැලේම දෙදරන්න අැහුනු හූ සද්දේ එක්ක මම දේදුව තද කරන් ගහකට මුවා වුනා ..
හේතුවක් නැතුවම මම රවිශ්ව විස්වාස කලා ..එයා කිව්වා අපිට එලියට බැහැලා යන්න ..කරදරයක් වෙන්න දෙන්නැ කියලා .මම දන්නැ මට තව කොච්චර දුරක් යන්න වෙයිද කියලා .එ වුනාට මට අවසානයක් දකින්න ඔනි ..මගේ වස්තුවට මගේ දරැවන්ට මුකුත්ම වෙන්න දෙන්න බැ ..
දේදුව වත්තන් කරන් කැලැ පාරක මහා වැස්සේ යන එක කොහොමත් ලේසි වුනේ නැ ...රවි්‍ශ් දේවාලෙන් ගෙනාවා කියලා කියපු රතු පාට නූලක් දේදුගේ බඩ වටේ බැදලා තව නූලක් මගේ කරට දැම්මා ..කොයිම වෙලාවකවත් එක ගලවන්න එපා කියලා රවිශ් මට මගින් මගට කිව්වා ..
අපි එලියට බැස්ස පල වෙනි තප්පරේම මට දැනුනේ අප් වටේ කවුරැ හරි ඉන්නවා කියලා .මහා අදුරැ මූසල ගතියක් මට හොදටම දැනුනා ..බය කියන එක ඔනවට වඩා දැනුනනත් මම බය පැත්තකද දැම්මා ..
දේදුගේ බඩ වටේ බැන්ද රතු පාට නූල බැන්දට පස්සේ දේදුගේ අැගේ කලු සලකුක ලා පාට වුනා .දේදුගේ කෙදිරිය හොදටම අඩු වුනාත් අපිට වෙලාවේ තිබ්බේ නැ ..
"ශ්වෙත් ..,මට බයයි ශ්වෙත්"
මගේ උරහිසට ඔලුව හෙත්තු කරගෙන හිටපු දේදු කොදුරද්දි මම දේදුගේ නලල ඉම්බා ..
බය වෙන්න එපා මැණික .."පන දිලා හරි උබව රකිනවමයි "
අැහෙන නොහැහෙන ගානට එහෙම මුමුනපු මම දේදුව අරන් වාරැ කරගෙන නැගිට්ටා ...
ටිකක් දුර අැවිත් වැස්ස ඉවරයක් නැ ..ඉස්සරහා පැහැදිලිත් මදි ..ටොච් එලිය හරියට වදින්නෙත් නැ .සැරින් සැරේ අකුනු ගහනවා..
"කොයිම වෙලාවකවත් පිටිපස්ස බලන්න එපා යශාන්"
රවිශ් කියපුවා එක්ක දේදුව වැහෙන්ම ශිට් එක පොරව ලා එයාව තුරැල් කරන් මම අායෙ නම් මොනවා වුනත් නවතින්නැ කියලා හිතාගෙන දේදුත් එක්ක ඉස්සරහට යන්න ගත්තා ..

YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....