Mahil Pov
කවදාවත් බලාපොරොත්තු නොවුනු විදිහට දේවාලෙන් මාව එලියට විසි කරේ ඇයිද කියන්න මම දන්නෙ නෑ.කාලී අම්මට මන් එක්ක තරහා වෙන්න හේතුවක් තියෙන්න විදිහක් ඇත්තෙම නෑ
කැන්ද ගහෙ කොන්ද වැදුනු හැම වෙලේම මට රිදුනා ඒත් දැන් ඒ වේදනාවල් මොකක්වත්ම නැතුම් මට සහනයක් විතරක් දැනෙනවා කියන්නේ කාලී අම්මා මන් එක්ක තරහෙන් නෙවෙයි කියන එක.ඉතින් එහෙනම් මොන වගෙ හේතුවකටද දේවාලේ ඇතුලට මට යන්න බැරි..
වෙන දෙයක් වෙන්න හිතන් මම ආයෙම ඇදෙන් නැගිටලා එලියට බැස්සේ දේවාලේ පැත්තට යන්න.මොකද ඒක මගෙ දේවාලේ.ඒකේ ඉන්නේ මම අදහන දෙවිවරු
දේවාලේ දොර පැත්තට යද්දිම පත්තු කරන්න පත්තු කරන්න නිවිලා ගියපු පහනත් දැන් නොනැවත්ව පත්තු වෙන ගමන් තිබුනා..දේවාලෙට උඩ අහසත් සාමාන්‍ය මට්ටමකින් තිබුනම ආයෙම කාලී මෑණියෝ සිහි කරන ගමන් මන් දේවාලෙට අඩිය තිව්වා..
මම ඇස් දෙක තදින් පියාගෙන බලාපොරොත්තු උනේම මාව ආයෙම විසි වෙලා යයි කියන එක උනත් මේ අවස්තාවේ ඒක එහෙම උනේ නෑ.මට දේවාලෙට යන්න පුලුවන් උනා..
දැන් යන්න පුලුවන් වෙන්නත් , ඉස්සෙල්ල යන්න දෙන්නේ නැති වෙන්නත් අනිවාර්යයෙන්ම හේතුවක් තියෙන්න ඕනේ.
කාලී අම්මගෙ පත්තුවෙන පහන ඉස්සරහෙන් හිට ගත්ත මන් , කාලී අම්මව සිහි කරන ගමන් ඇහුවෙම ඇයි දේවාලෙට එන්න දුන්නේ නැත්තේ කියලා.ඒත් කාලී අම්මා උත්තර දුන්නේ නෑ..ඒ නිසාම වැරැද්දක් උනාද ඇහුව තැන ' නෑ ' කියලා පෙන්නද්දී මන් ඇහුව පලවෙනි ප්‍රශ්නෙ ලග කාලී අම්මා නිහඩ උනා..
ආයේ මොකුත්ම නාහා මම දේවාලෙන් එලියට බැස්සා.ලයිට්ස් දාලා තිබුනත් ගෙදර අද කිසිම ප්‍රසන්න පෙනුමක් තිබුනෙ නෑ.ගෙදරත් මූසල ගතියකින් පිරිලා ගිහින්.
" අක්කේ ඔය ළමයව නලවගන්න බැරිද තමුසෙට!"
සාලෙට ගිහින් හිටගන්න පමාවට ඇහෙන්නේ අක්කගෙ පොඩි එකා අඩන සද්දේ.වෙනදට මේ වෙලාවට නිදි පොඩි එකා අද අඩ අඩ මේ රෑ ඇහැරන් ඉන්නවා.
නටපු තොවිලේ අතුරු ප්‍රතිඵලයක් වත් ඉතුරු උනාදෝ කියලා මට නොහිතුනාම නෙවෙයි.අක්කා ළමයව තනියෙන් දාලා ආව වෙලාවේ මොකෙක්ම හරි බැල්ම දැන්මද කියලා කියන්නත් බෑ..

YOU ARE READING
| මහසෝන් පිල්ලි ! | 👹️ YIZHAN
Horrorවිනාශයක් කරන්න යවපු පිල්ලියක් , මිනිහෙක් එක්ක ආදරෙන් වෙලුනු හැටියක්! Cover credits @Zoe_Vantae 💗👹️