සොහොන් පිල්ලී 03

2.3K 274 44
                                    

මහිල්!

සොහොන් කාලී මෑණීයන්ගෙත් ,ශාක්‍ය දෙවි වරුන්ගෙත් ,ඝම්භාර දෙවි වරුන්ගෙත්, විශ්ණු දෙවි වරුන්ගෙත් බැල්ම තියෙන අති විශේෂ ගනයේ ඇදුරෙක්!..මිහිපිට දේව පුත්‍රයෙක්...

මහිල් මූලික් වශයෙන් පෙර අත්මවල සොහොන් කාලී මෑණියන්ව අදහපු කෙනෙක්.ඉතින් එයා මැරුණු හැම පාරම කාලී මෑණියෝ එයාව මිනිස් ලෝකෙට එවනවා..මොකද කාලී මැණීයෝ මහිල් හරලා එයාට පින් බලාපොරොත්තු වෙනවා..

ඒ වගේම පෙර ආත්මයක මහිල් කියන්නේ කාලී මෑණියන්ට ආව තේව කම් කරපු සේවකයෙක්..ඒ පිහිටයි මේ ආත්ම ගානක් පතාගෙන ඇවිත් තවත් ආත්ම ගානකට කාලී මෑණියන්ගේ පිහිට පතන්නේ..

මස් මාළු , ගෑනු අයගේ මාසික ලෙඬ කිළුටු මහිල්ට අහුවෙන්න බෑ.ඒ දවස් වලට අක්කා එයාව දැනුවත් කරනවා.එයා දේවාලේ වැඩත් ඒ දවස් ගානට නවත්වනවා.මොකද කිළුටක් තියන් කිසිම වැඩක් නිවැරදිව කරන්න බෑ..

සොහොන් කාලී මෑණියෝ කියන්නේ මස් , ලේ වගෙ දේවල් වලට ප්‍රිය කෙනෙක් උනත් , ඒක පාලනය වෙලා තියෙනවා මහිල්ට තවත් දෙවි වරුන්ගෙ බැල්ම එයා හරහා වැටිලා තියෙන නිසා.

පිල්ලියට ඕනේ කෙනෙක් ලග නවතින්න.නැවතිල ඒ කෙනා ලග ඉදගෙන අනිත් හැමෝවම මරලා ලේ බොන එක තමයි පිල්ලියේ අදහස!..ඉතින් පිල්ලිය මුලින්ම තෝර ගත්තේ මහිල්ගේ අක්කගෙ කිරි සප්පයාව උනත් , මාර ගහ අස්සේ රින්ගන් ඉන්න පිල්ලිය ඒ වෙලේ දරුවා දිහාවෙන් ඇස් අහකට අරන් තවත් කෙනෙක් දිහාවට ඇස් යොමා ගත්තා.ඒ වෙන කවුරුත් නෙවෙයි ' මහිල් '

මහිල්ට ලගා වෙන්න පිල්ලියක්? මහිල්ව මරලා ලේ බොන්න පිල්ලියක්? වයසක දුර්වල ඇදුරුක්ගේ පිල්ලියකට මොනාද මහිල්‍ට කරන්න පුලුවන්?

මහිල්ට කිසිම දෙයක් කරන්න බෑ!..එයා ඒ තරම් බලගතුයි!..

මහිල්ලගෙ පවුලට පිල්ලිය එවපු ඇදුරා කියන්නේ අදුරු මායාව පාවිච්චි කරන කෙනෙක්.මිනිස්සු මරන්න අනවින කොඩිවින ඒ හැම දෙයක්ම නරකට කරන කෙනෙක්..ඉතින් ඊයේ රෑ වගේම අදත් ඇඳුරා අලුත් සෙල්ලමක් පටන් අරන්!

කෙසෙල් ගොබෙන් හදපු ගෑණු රූපයක් , කෙසෙල් ගොබෙන්ම කැටයම් කරපු පෙට්ටිය අරන්න වහන්න පුලුවන් මිනී පෙට්ටියක් , රත් මල් , දුම්මල , දෙහි , පුළුටු , මිනිස් ලේ ගොටුවක් වගේ දේවල් ගොඩක් ඇදුරා වටේ තියාගෙන මැද්දේ ඉදගෙන හිටියා..

| මහසෝන් පිල්ලි ! |  👹️ YIZHANWhere stories live. Discover now