(උඩ තියෙන song එක අහන ගමන් කියවන්න)
Excuse me teacher
Yes
Teacher principal අභී අයියට office එකට එන්න කිව්වා.
අභී ඉන්වද ලමයි.මම අද උදේ දැක්කෙ නෑ හැබැයි .
"Teacher ලමයින්ගෙන අහද්දි ලමයි විතරක් නෙමේ සෙතුකලත් කිව්වෙ නෑ කියලා.ඊයේ රෑ ඉදලා අභී cll answer කරන්නෙත් නෑ කියලා ලහිරුවා කියද්දි පන්තියේ කොනක ඔලුව ගහන් හිටපු ශාක්‍යත් ඒ පැත්ත බැලුවෙ ඒකට එයත් හේතුවක් වගේ.ටික වෙලාවකින් පන්තියේ දොර ලගින් ආවෙ මෙච්චර වෙලා හැමෝම හොයපු රූපෙ ඒත් තනියම නෙමේ නෙත්න අයියා එක්ක.අභී හිටියෙ නෙත්න අයියට වාරුවෙලා.හැමෝගෙම ඇස් තිබ්බේ අභී ගාව උනාට අභීගේ ඇස් තිබ්බෙ පියවෙලා.දැක්කම කියන්න පුලුවන් එයා ඉන්නෙ තෙහෙට්ටුවෙන් කියලා.නෙත්න අයිය පවා හිටියේ පුදුමෙන් .දකින ඕන කෙනෙක්ට තේරෙනවා ආයේ පරණ අභී කරලියට ඇවිත් කියලා.හරියටම මීට කාලෙකට කලින් හිමාර එයාව දාල ගිය දවස වගේ.එදත් අභී ආවේ නෙත්න අයියට වාරු වෙලා.එදත් මේ තෙහෙට්ටු ගතිය තිබ්බා.අභීව මෙහෙම දකින්න කිසිම කෙනෙක් කැමති නෑ මොකද අභී කියන්නේ ටිකක් සෙල්ලක්කාර අහිංසක කොල්ලෙක් නිසා."
අනේ අභී පුතා මොකද මේ දරුවෝ
අභියා මොකද මේ
අඩෝ මොකෝ මේ
"Teacher ලගට දුවලා ඇවිත් නෙත්න අයිය දිහා බලද්දි නෙත්න අයියා ඔලුව වැනුවෙ දන්නෙ නෑ කියන්න.සෙතුකයයි ලහිරුයි දුවලා ඇවිත් ඇස් පියන් ඉන්න අභීව වාරු කරගෙන ඉස්සරහම පුටුවෙන් වාඩි කරා.වාඩි උන ගමන් අභී ඩෙස් එක උඩට කඩාගෙන වැටුනා."
නෙත්න අයියෙ මොකද උනේ?
ඊයේ හොදට හිටියනේ බන් අයියේ?
"සෙතුකයයි ,ලහිරුවයි නෙත්න අයියගෙන් අහද්දි teacher principal office එකට යන්න ගියා.කොච්චර ඇහුවත් නෙත්න අයියා ගලක් වගේ ඉද්දි ලහිරුවා නෙත්න අයියව හෙල්ලුවා.ටිකකින් සිහියට ආපු නෙත්න අයියා සිද්ධිය කියන්න පටන් ගත්තේ අරුන් දෙන්නා කටත් ඇරන් බලන් ඉද්දි"
