මට ඔනි නම් මම කනවා ..අනික දැන් මාස තුනක් ඉවරයිනේ ..එක පාරක් දැල්ලෙක් දැවා කියලා බබාලා උද්ගොශනය කරන්නැනේ ..අනික අනික නිම්නාදුත් හා කිව්වා ..ඔයා මොකද මෙහේ කැරකෙන්නේ ..යන්නයි කිව්වේ බානු එක දැල්ලෝ කැල්ලක් දෙන්නැ ..දෙන්නැ කිව්වොත් දෙන්නැ ..අනේ අැනි අාන්ටි බත් එක ඉදිලා නැද්ද මට බඩගිනි ම්හුක් .."කුස්සියේ ඉදන් බෙරිහන් දෙන දේදුගේ සද්දේ අහගෙනම මම පහලට යද්දි බානුට හේත්තු වෙලා හයියෙන් හිනා වෙවි හිටිය නදිර මාව දැකලා තව හයියෙන් හිනා වුනා .
පැත්තක රවිශ් සසර කලකිරිලා වගේ රෙද්දක් කකුල් දෙකේ ඉදන් පොරවන් නිදා ..මේ යකා සතියකට පස්සේ ගෙදරින් මතු වෙලා කවීශගෙන් හොදට බැනුම් අහලා ..මොනවා වුනත් දැන් කොල්ලා අපේ පවුලෙම කෙනෙක් ගානයි ..
මාස තුනක් ගෙවිලා ගිහින් ..
පුදුමේ කියන්නේ මේ මාස තුනම හරි නිහඩයි කිසිම කරදරයක් වුනේ නැ ..කොච්චර සතුටින් හිටියත් ඊලග තප්පරේ මගේ හිත ගැස්සෙනවා ..මගේ පවුල වෙච්ච අය ගැන බය හිතෙනවා ..
"අනේ ශ්වෙත් මට කවන්නකෝ ..මට ගොඩක් බඩගිනි අනේ"
පරණ රයිස් කුකර් එකක් බදාගෙන බුම්මගෙන හිටපු කොල්ලා මාව දැකලා ගේ දෙක වෙන්න කැ ගැහුවා ..දේදු ටිකක් බොල වෙලා බඩත් ලාවට පේනවා ..එයාට තිුපස්ලා නිසා මාස තුනෙදි බෙබි බම්ප් එක අනිත් අයට වඩා කැපිලා පෙනේ කියලා නිම්නාද් කලින්ම කිව්වා ..ඉස්සර ෆිගර් එක ගැන හිතුව කෙනාට දැන් එක ගානක්වත් නැ .හිරට අැන්ද කෙනා දැන් ලූස් එකට සැහැල්ලුවට අදිනවා ..මට දේදු ගැන දුකයි ..අපි අාදරේ නොකලත් දරැවෙක් බලාපොරොත්තු නොවුනත් දේදු වචනයක්වත් නොකියා හැමදේම බාර ගත්තා ..
අදටත් දේදු මට යාලුවෙක් විදිහට විතරයි සලකන්නේ ..තාම එයා යාලුවෙක්ගෙන් උඩ මාව දකින්න කැමති නැ ..
"දැල්ලෝ එක නම් ඉල්ලන්න එපා පුතේ ..ඔක ගෙනත් දෙනකන් මටයි නදිරටයි කොස්සෙනුත් ගැහුවා මෙයා ..දැන් ලගටවත් යන්න එපා ..ඔය කුකර් එක අැතුලට දාගෙන බදාගෙන ඉන්නේ බත් එක ඉදෙනකන් "

YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Horror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....