CHAPTER 14

6.5K 590 544
                                    

Yඅභියා ඉක්..මණ් කරපන්..කො බන්
අනේ බන් මම චූටිට ආදරෙයි කියන්න හැදුවා විතරයිනේ බන්.අනේ බන් මගේ චූටිට මම ආ..දරෙයිනේ බන්.මගේ පපුව පැලෙන්න වගේ බන්.මෙත..නම මගේ පණ ටික යන්න වගේ අ..අභී

"බයික් එක start කරපු වෙලාවේ ඉදලා මගේ පිටට හේත්තු වෙලා ලහිරුවා අඩන්න ගද්දි මටත් හිතේ තිබ්බ ඔක්කොම කියලා අඩන්න ඕන උනත් මෙවෙලේ මම ඇඩුවොත් මට සදහටම අඩන්න වෙනවා කියන එක මගේ ඔලුවේ සක්මන් කරා.කවදාවත් නැතුව සුදු මහත්තයා කිව්වෙ මේකටද සුදූ?මම ජීවත් වෙන්න පටන් ගත්තා විතරයි බන්.උබ එක්ක හීන මවන්නවත් කාලයක් දීපන් මට සුදූ .උබ නොදන්නවා උනාට මගේ හිත උබව හොයනවා බන්.වෙව්ලන අත් වලින් මම handle  එක තද කටගත්තා.මට බයයි බන් සුදූ.මගේ පපුවම බරවෙලා තියෙද්දි අපි accident  එක වෙච්ච තැනට ආවා.ඈතින් ගිනි ගන්න බස් එක දැක්ක විතරයි මට බයික් එකත් අතඇරිලා ගියා.ආපු වේගෙට බයික් එක පැත්තකට විසි වෙද්දි මමයි ලහිරුවයි තව පැත්තකට විසි උනා.සුදූගේ මූණ මැවි මැවී මගේ හිතේ සක්මණ් කරද්දි මම ඉක්මණට නැගිටලා ලහිරුවා ගැනවත් හොයන්නේ නැතුව ගිනි ගන්න බස් එක ලගට දිහුවා.සුදූ විතරක් නෙමෙයි මගේ දකුණු අත වගේ ඉන්න සෙතුකයාත් මේක ඇතුලේ .උන් දෙන්නගේ හුරතල් මූණු මට මැවි මැවී පේන්න ගත්තා.මම පැටලි පැටලි එතනට දුවන්න ගත්තා."

ඔය දරුවව නවත්තන්න අරහෙ බස් එකේ කෑලි විසි වෙනවා.

මේ නානායක්කාර ඇමතිතුමාගේ පුතෙක් නේද?

මේ අභී අයියා නේද ?අභී අයියේ යන්න එපා ඉස්සරහ වීදුරු කටු.

"සෙනග අස්සෙන් මම රිංගලා ඉස්සරහට යද්දි  දෙන්නෙක් තුන්දෙනෙක් මාව හයියෙන් අල්ලගත්‍තත් අරුන් දෙන්නාගෙ මූණ මැවි මැවි පෙනෙද්දි මම මාව අල්ලන් ඉන්න උන්වත් පෙරලන් බස් එක පැත්තට දිහුවා.මම බස් එක ලගට කිට්ටු වෙද්දි ලහිරුවාත් හති දාගෙන මගේ ලගට ආවා වගේම ගිනි ගන්න බස් එක දැකලා අපි දෙන්නම ගල් ගැහුනා.බස් එක දැක්කම කියන්න පුලුවන් මේ තියෙන විදියට කවුරුත් ඉන්න විදියක් නෑ කියලා ඒත් හිත ඒක පිලිනොගද්දි මම බස් එක ලගට දිව්වා.මම පිටිපස්ස හැරිලා බැලුවා ලහිරුවා බස් එක දිහා බලාගෙන පපුවත් අල්ලන් ගල් වෙලා වගේ බලන් ඉන්නවා.ආයෙත් බස් එක ලගට ගිය මම බස් එක වටේට ගියේ සුදූගෙ රුපේ හොයන ගමන්."

"මගේ හිතුවක්කාරයා"Where stories live. Discover now