දොරක එල්ලපු රතු පාට පටියක් උදේ පාන්දරම හුළගට හුළගෙ තාලෙට ලෙලදෙමින් තිබුනා.ඒ වගේමයි ඊයේ රෑ නෑ යක් ලෙඩෙක්ව සනීප කරන්න ගුරුන්නාන්සේ කෙනෙක් තොවිලයක් නටලා ගිමන් හරින ගමන් හිටියා.දේවාල ඇතුලේ පහන් ආලෝකයෙන් එලි උනේ සොහොන් කාලි මෑණියන්ගෙ පිළිමයක්! පින්තූර!
රතු රැළි පොට ඉන පටලන් , ඒකටත් යටින් සුදු රෙද්දක් ඇග දවටන් , රතු රෙද්දක් කර දවටන් , ඉනට පහලින් දිගට හිටින විදිහට දාපු ඇට මාලේ , දාඩියට තෙමුනු පිට , පපුව , කොණ්ඩේ ඇලුනු නලල ඒ ඔක්කොම දවටන් ඉන්නේ හොද හැදි දැඩි කඩවසම් කුමාරයෙක් වගෙ රුවක් ඇති තරුණයෙක් කිව්වොත් විස්වාස කරන්න පුලුවන්ද?
තරුනයෙක් දෙවියෝ නටනවා කියන එක විස්වාස කරන්න පුලුවන්ද? විස්වාස කරන්න බැරි උනත් විශ්වාස කරන විදිහට හිත හදාගන්න.ඒ ඇස් දෙක මලානික සරාගික බවකින් යුත් මත් උනු ඇස් දෙකක් වගේ..
බෙර කරුවෙක් සහ තොවිල් භූමියේ යහන් කුටි තුනක් තිබුනා.එකක සොහොන් කාලී මෑනියෝ තනියෙන් වැඩහිටියා.ටිකක් දිගින් යුත් එකෙ ගණ දෙවියෝ , ශිව දෙවියෝ ඇතුලේ දෙවිවරු කීපදෙනෙක් වැඩ හිටියා.ඒ වගේම තුන්වෙනි එකෙ ගම්භාර දෙවියෝ වැඩ සිටියා..ඒත් මේ හැම එකකින්ම වෙන් ව ටිකක් ඈතට තවත් කුටියට රුවක් නොමැති ගලේ යක්කු වැඩ හිටියා.
ගලේ යක්කු යොදාගෙන හදි හූනියම් වැරදි ආකාරයට පාවිච්චි කරන්නත් පුලුවන් වගේම , හොඳ දේවල් වලටත් ගලේ යක්කු නටල ඒ වැඩ ටික කරගන්න පුලුවන්..
බෙර සද්දෙ ඇහෙද්දී සොහොන් කාලී මෑණියන්ගේ දිෂ්ඨිය එද්දී කකුල් දෙකත් එක්ක වෙව්ලද්දී , ඒ මුලු ඇගේම මස් හෙලවෙන්න පොළොවෙ පය සද්දෙන් වැදෙද්දී ඒ බෙර පද වලට නැටවෙන්නේ ඉබේම..අවසිහියෙන්..කිලුටු මොකුත් අහු නොවුනු ශුද්ද උනු තොවිලයක්..
නෑ යකෙක් වහන් හිටියේ අවුරුදු තිහක විතර පිරිමි පරානෙකට වෙද්දී නොපිපුනු පොත් මල අතට ගත්ත තරුණයා පොල් මල නටන ගමන් විදිදුවන විදිහ පුදුමාකාර තරම් ලස්සනයි.ඒ වගේම වචනෙන් කියාගන්නවත් ,ලියාගන්නවත් නොතේරෙන විදිහේ ලස්සන නැටුම් විලාසයක් සොහොන් කාලී මෑණියො නටමින් උන්නා..

YOU ARE READING
| මහසෝන් පිල්ලි ! | 👹️ YIZHAN
Horrorවිනාශයක් කරන්න යවපු පිල්ලියක් , මිනිහෙක් එක්ක ආදරෙන් වෙලුනු හැටියක්! Cover credits @Zoe_Vantae 💗👹️