✒.28

675 110 53
                                    

" අඩො නිස්සන්කයා.. ඉතින් ඉතින් ... සැප සනීපෙන් ඉන්නව වගෙ පේන්නේ.. ඔන්න සුභ නැකතට එන්න බැරි උනාට පස්සෙ හරි ආව අපිත් සම්මාදන් වෙලා යන්ඩ ආ... මට දාපන් ෆුල් චීස් කොත්තු දෙකයි ෆුල් මික්ස් රයිස් දෙකයි.. අද කනව බඩ පැලෙන්ඩ ආය.. "

බයික් එක කඩෙ ඉස්සරහින් දාපු මම කෑ ගහගන කඩේ ඇතුලට ගියා.. යන යෑමටම බිල් එක දැම්මා.. මට අද බඩගිනි .. මං දන්නැ ඇයි කියන්න මගෙ බඩ පුදුමාකාර තරම් බඩගින්නෙ ඇවිලෙද්දි මම කෙලින්ම බුෆේ සයිඩ් එකට ගියා.. කවදාවත්ම අඩියක් ගහල නැති කඩෙ ඇතුලෙ මම පුරුදු කාරයා වගෙ ඇවිදිනකොට මම බලාගන නිස්සන්කයියා ඇස් ලොකු කරගන මා දිහා බලාන ඉන්නවා...

හත් අවුරුද්දකින් කෑවෙ නැති තරම්ම මට බඩගින්න දැනෙද්දි වටෙ පිටෙ ඉන්නෙ කව්ද කියන එක ගැන මට කිසිම ගානක් නැතුව ගිය.. ඉන්නෙ මමම විතරයි වගෙ දැනුන මම සුදු ප්ලේට් එක අරගන අඩුම අත හෝදන්නෙවත් නැතුව කහ බත් වලින් කොත ගහල බත් එක බෙදාගන්න ගමන් පැත්තක් වැහෙන්න පෝක් වලින් වගෙම බීෆ් වලින් වහගන්නකොට මදි පාඩුවට මැලෙ අච්චාරුව එක්ක පරිප්පුයි පපඩමුයි කට්ලට් බෝලත් හතරක්ම දාගත්තා... බත් ඇටයක් පේන්නැති වෙන්න හොදි පිනි වලින් වැහුන බත් එක දිහා මූනෙ හිනාව පුරෝගන බලාන ඉදපු මම ඉක්මනින් ගමනින් කඩෙ මැද්දෙම මේසෙට ගිහින් ඉදගත්තා..

මට ඉවසීමක් නැතුව ගිහින් තිබුනා.... මට ඉක්මනින් කාගන්න ඕන වෙද්දි මම බත් එක ගාවට නහය කරන ගමන් මුලු ගත් එකම ඉව කරා..

" ස්ස්ස්ස්............ම්ම්ම්.... සු..ව...ද.... "

හරක් මස් සුවද ඌරු මස් සුවද නහයෙන් ඇදලා අරගන පපුව පුරෝගත්ත මම අත් දෙක එකට අතුල්ලන ගමන් බත් කොතට හිනා උනා වෙනකොට හරියටම බත් එක මැදට අතම ඔබන ගමන් මැද ඉදන් කන්න පටන් ගත්තා...

රසයි.. දෙයියනෙ පුදුම තරම් රසයි.. කවදාවත් කාල නැති තරම්ම රසක් මට දැනෙද්දි හරක් මස් කෑලි ඌරුමස් කෑලි අත් දෙකෙන්ම අරගන මම කට පුරෝලා ඔබාගත්තා..මට ගිලගන්න හදිසී... මට එතරම්ම හදිසියක් ඇති වෙද්දි මම පුළුවන් තරම් වේගෙන් කට කතුර වගෙ හොලවන ගමන් කාගන කාගන යනකොට බලාන ඉද්දි මස් ටික ඉවර වෙල ගියා..

✒️. තුංමන් හංදිය Where stories live. Discover now