✒.27

626 117 46
                                    

" පුතා.... "

" අම්මා.. ඇයි අම්මෙ... "

කකුලට ගහපු ප්ලාස්ටර් එක ගර ගර ගාලා ඇදල තුවාල බලෙත් එක්ක ගලවලා කොමඩ් එකට දාලා වතුර ප්‍රෙශ් කරපු මම නාගන ඇවිදින් ඇදුමක් දාගත්තා..

හත් දවස දානෙත් අහවර වෙලා දවස් හතරක් ගෙවුනා... ලොකු තාත්තලාගෙ පව්ලෙ අයගෙන් අම්මගෙ පැත්තෙ පව්ලෙ අයගෙන් තවමත් ගෙදර අඩුවක් තිබුනෙ නැ. සීයත්තගෙ කීමට මාස තුන යනකල් ගෙදර මොහොතක්වත් පාලු කරන්න හොද නැ.. පහල තට්ටුව විතරක් නෙවෙයි උඩ තට්ටුවෙත් හැම කාමරේකම වගෙ කෙනෙක් හිටියා.. පුන්චිම තැනක්වත් පාලු නොවෙන්න ගෙදර හැම තැනම වගෙ කට්‍ටිය හිටියා...

ටවල් එකෙන් ඔලුව පිහදපු මම අම්මගෙ කටහඩට ඉක්මනින් ගිහින් දොර ඇරියා... තවම නවයට නැ. දොර ගාව ඉන්න අම්මා මගෙ මූන දිහා බලාන ඉදලා කාමරෙට එනකොට මම දොට වහල අම්ම දිහා බලන් උන්නා..

" මට පැය බාගයක් පැයක් නිදාගන්න පුතාට පුළුවන් ද ළඟින් ඉන්න.. "

මගෙ පපුවටත් එක්ක මොකක්ද උනා... දවස් ගානකින් හරිහැටි නින්දක් නැ කියන්න අම්මගෙ මූන දැක්කම ඔනම කෙනෙක්ට කියන්න පුළුවන් අම්මට විතරක් නෙවෙයි මෙ සතිය පුරාවට අපි කවුරුත් නිදාගත්තෙ නැ. තැන තැන ඉදගන හිටගන බලාගත්ත අතවල් බලාගන උන්නා මිසක් අපි කාටවත් නින්දක් තිබුනෙ නැ...

අම්මට ප්‍රෙශර් තියනව. එ නිසාම තාත්ත පුළුවන් තරම් අම්මව ළඟ තියාගන බෙහෙත් දිදී කව කව බලාගත්තා උනත් අම්මට තිබුනෙ කවදාවත් අඩු වෙන්නැති වේදනාවක් වෙනකොට එයාට මගෙ ගාව නිදාගන්න ඕන උනා...

අම්මගෙ අතින් අල්ලගත්ත මම ඇදෙ එයාව ඇල කරලා එයාගෙ එහ පැත්තෙන් ඇල උනා..

" නිදාගන්න .. මං යන්නැ "

කන්නාඩි දෙකත් ගලවලා මේසෙ උඩට දාපු මම මගෙ පැත්තට හැරිල ඉන්න අම්මගෙ ඔලුව හීන් සීරුවෙ අත ගානකොට අම්මගෙ උනුහුම් අතක් ඇවිදින් මගෙ කම්මුලක් උඩ නැවතුනා...

" දාලා යන්න එපා අම්මව "

මගෙ පපුව කීරි ගැහෙනව...මං කොහෙ යන්නද... අම්මෙ මං කොහෙ යන්නද ඔයාව දාල මං කොහෙවත් යන්නැ අම්මෙ.. කොහෙවත් යන්නැ....

✒️. තුංමන් හංදිය Where stories live. Discover now