මෙහි මන්තර ගුරුකම් , යොදාගන්නා ද්‍රව්‍ය වලට අමතරව මහසෝන් පිල්ලියක් යවනා අකාරය පිලිවෙලට සදහන් වේ!! එබැවින් සුලු දේටත් බියට පත්වන දෙනා මෙම කොටස පමනක් කියවීමෙන් වලකින්න්!
____________________________________👹️
එදා අමාවක දවසක්!බකමූනෝ රැහැයියෝ , උලමා ඒ හැම කුරුල්ලෙක්ම කෑ ගහගිමින් වෙන්න යන නපුරක් ගැන පුවත් සැලකල සිටියා..
" ඔය ටික ඉක්මනින් ගනින්!"
රතු කර.පටිය බෙල්ලේ දාන් සුදු සරමෙන් සැරසිලා ඇදුරු තුමා කෑ ගැහුවේ ඇබිත්තට වෙද්දි ඇබිත්තා ඕනේ කරන අඩුම කුඩුම ටික බෑග් එකකට දාගෙන ඇදුරා පස්සෙන් වැටුනා
" උඩහ ගෙදර ළදරුවා මැරිලා වලලලා අදට දවස් තුනයි..හනික වරෙන්!..මේ අවස්තාව මගෑරන් මට මෝඩයෙක් වෙන්න බෑ!"
" හොදමයි හොදමයි! මේක තමයි කදිම අවස්තාව!"
වෙලාව රාත්‍රි දොළහයි!..පුන පුනා මේ දුවන්නේ ගමේ සොහොන් බිමට.උඩහ ගෙදර කෙල්ලගෙ කුලුදුල් දරුවා මැරිලා වලලා දැන් දවස් තුනක් ඉතින් මේක තමයි ඇදුරට වැඩ කරගන්න ආයේ නොයෙන කදිම අවස්තාව..
මිනිස් පුලුටක් හොයාගන්නවත් නැති සොහොන් බිමට ආව ගමන් ඇබිත්තා කරේ උදැල්ලකින් දරුවා වලදාපු මිනී වල
හාරන්න ගත්ත එක." හනික ඕක හාරලා මිනිය ගොඩ ගනින්!"
ඇබිත්තට කියාපු ඇදුරා සොහොන් වලේ හිස මුදුනට වන්නට තදින් පොල්ලක් බැස්සුවා..ඒ වගේම හොද හයිය ලණුවකුත් අතට ගත්තා..
වයස අවුරුදු 8 දරුවගෙ මිනිය ගොඩ ගත්ත ඇබිත්තා ඇදුරා එක්ක එකතු වෙලා අර ගහපු කනුවේ දරුවගේ මිනිය තදින් ගැට ගැහුවා.
ඕනෙ කරන බඩු ටිකත් අරන් ඇදුරා ජීවම ජිවන් කරන්න ආරම්භ කරා..ජීවම කරන්න පටන් ගත්ත වෙලේ ඉදන් උලමා කෑ ගහන්නේ මල බෙරේ ගහන ගමන් සද්දෙන් කෑ ගහන ගමන්..ඒ වගේම සොහොන් කනත්ත වටේටම කැලෑව පෙරලන් අහස පොළොව ගැටගහන්න තරම් වේගෙන් හුළගකුත් හමන්න පටන් ගත්තා.

YOU ARE READING
| මහසෝන් පිල්ලි ! | 👹️ YIZHAN
Horrorවිනාශයක් කරන්න යවපු පිල්ලියක් , මිනිහෙක් එක්ක ආදරෙන් වෙලුනු හැටියක්! Cover credits @Zoe_Vantae 💗👹️